ආබාධිත රණවිරුවන්ට කෘත්‍රිම අත් පා ප්‍රදානය කිරීම ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රදානත්වයෙන්

“අප රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා අපගේ
අභීත සොල්දාදුවන් කළ කැපකිරීම් අපමණයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්
රාජකාරියේ යෙදී සිටියදී ජීවිතය වෙනස් කරන දරුණු තුවාල ලබා ඇති නමුත්
ඔවුන්ගේ ශක්තිමත් බව සහ කැපවීම නොසැලී පවතී. ඔවුන්ට ලැබිය යුතු
රැකවරණය සහ සහයෝගය නිසි ලෙස ලැබෙන බව සහතික කිරීම අපගේ පරම
යුතුකමයි”
රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත කෘත්‍රිම පාද බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන
ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර
තෙන්නකෝන් මැතිතුමා (මැයි 07) රාගම රණවිරු සෙවණේදී මෙසේ ප්‍රකාශ
කරන ලදි.
රණවිරු සෙවණ වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යවරයාව ආරක්‍ෂක ලේකම් කමල්
ගුණරත්න විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ආරක්‍ෂක අමාත්‍යාංශය සහ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය
අතර සහයෝගීතාවයෙන් ආබාධිත රණවිරුවන් වෙත කෘත්‍රිම පාද 650ක්
බෙදාදීමේ උත්සවය රාජ්‍ය අමාත්‍යවරයා විසින් සංකේතාත්මකව රණවිරුවන්
කිහිප දෙනෙකු වෙත කෘත්‍රීම පාද ලබාදීමෙන් ආරම්භ විය.
ශ්‍රී ලංකා යුද ප්‍රවීණයන්ට දක්වන ලද සහයෝගය මෙන්ම නොසැලෙන කැපවීම
වෙනුවෙන් ඉන්දීය රජය වෙත හා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
මැතිතුමා වෙත අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් සිය ස්තුතිය පුදකර සිටින
ලදි.
මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, රණවිරු සේවා
අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, යුද හමුදා විධායක
ජෙනරල් මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ, ඉන්දීය ආරක්‍ෂක උපදේශක
කපිතාන් එම්. ආනන්ද් හා මෙම කෘතීම පාද හා උපාංග ලබාදීමට
අනුග්‍රාහකත්වය ලබාදෙන ජායිපුර් මහාවීර් විකලාංග ආයතනයේ නියෝජිතයින්
පිරිසක්ද සහභාගි වූහ.

You may have missed