ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියෙහි (NEMIS)වර්තමාන කාර්යසාධනය පිළිබඳ කෝපා කමිටුවේ අවධානය.ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියෙහි (NEMIS) වර්තමානකාර්යසාධනය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අවධානයයොමු විය.

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියෙහි (NEMIS)
වර්තමාන කාර්යසාධනය පිළිබඳ කෝපා කමිටුවේ අවධානය.
ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියෙහි (NEMIS) වර්තමාන
කාර්යසාධනය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අවධානය
යොමු විය.
මෙහිදී පැමිණි නිලධාරීන් මෙම දත්ත පද්ධතිය 2012 වසරේ ආරම්භ කළද
තවමත් අපේක්ෂිත ක්‍රියාකාරී මට්ටමට ලඟා වී නොමැති බව පෙන්වා
දුන්නේය. මෙහිදී කමිටුව සඳහන් කළේ මෙම දත්ත පද්ධතිය පිළිබඳ වසර
4ක සිට මෙම කමිටුවේ සාකච්ඡා කළද තවමත් එය අපේක්ෂිත මට්ටමට
ලඟා නොවීම පිළිබඳ තම අප්‍රසාධය පළ කරන බවයි.
විශේෂයෙන්ම පාසැල් පද්ධතිය පිළිබඳ අවශ්‍ය දත්ත නිවැරදිව මෙම දත්ත
පද්ධතිය සතුව නොපැවතීම පිළිබඳවද මෙහිදී පැමිණ සිටි කමිටුවේ
සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. එසේම අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික
දත්ත නිවැරදිව පැවතීමේ අවශ්‍යතාව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා
කෙරුණි.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ 2022 වර්ෂයේ
විගණකාධිපති වාර්තාව සහ ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු
පද්ධතියේ (NEMIS) වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත
අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ
අවස්ථාවේදී ය.
එසේම 2008/37 දරන චක්‍රලේඛයට පටහැනිව අධ්‍යාපන අමාත්‍යාංශ ව්‍යුහ
කමිටු අනුමතියකින් තොරව පාසල්වල පන්ති සංඛ්‍යාව වෙනස් නොකළ යුතු
වුවද අමාත්‍යාංශයේ අනුමතිය නොමැතිව පැසැල් 29ක විදුහල්පතිවරුන් තම
කැමැත්ත අනුව අතරමැදි පන්ති සඳහා නව පන්ති ආරම්භ කර තිබීම
පිළිබඳ මෙහිදී අවධානයට යොමු විය. මේ අනුව මේ පිළිබඳ සම්පූර්ණ
වාර්තාවක් මැයි මස 17 දිනට ප්‍රථම මෙම කාරක සභාවට ලබාදෙන ලෙස
කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.
තවද පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ අඩුවක් පවතින්නේද යන්න
පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර මේ පිළිබඳ පසුගිය වසර 20ක
තොරතුරු ඇතුළත් වාර්තාවක් සති දෙකක් ඇතුළත කාරක සභාවට
ලබාදීමට නිර්දේශ කළේය.
එසේම 2022 ජුනි 06 දිනැති අංක ED/1/6/1/10/2022 දරන ජාතික පාසල්
අධ්‍යක්ෂකගේ ලිපියක් මගින් රටතුළ පැවති අසීරු වාතාවරණය තුළ ආර්ථික
අපහසුතා සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් සිසුන් පදිංචියට ආසන්න
පාසල් වෙත සිසුන් තාවකාලිකව ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු සලසා
තිබුණි. නමුත් මේ සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් මතු වී ඇති
බව පෙන්වා දුන් කාරක සභාව විෂය භාර අමාත්‍යවරයා සමග සාකච්ඡා
කොට මේ සම්බන්ධ තීරණයක් ගන්නා ලෙස නිලධාරීන්ට නිර්දේශ කළේය.
තවද අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ගුරු උපදේශක සේවයේ වර්තමාන
තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු මොහාන්
ප්‍රියදර්ශන ද සිල්වා, ගරු ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු
ඉසුරු දොඩම්ගොඩ, ගරු මධුර විතානගේ, (ආචාර්ය) ගරු හරිනි අමරසූරිය,
ගරු මුදිතා ප්‍රිශාන්ති, (මේජර්) ගරු ප්‍රදීප් උඳුගොඩ සහ ගරු වීරසුමන
වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

You may have missed