ජනපති ගෝඨාභය සමයේ බදු ලිහිල් කිරීම දැඩි ලෙස විවේචනය කළ විපක්ෂය අද බදු ලිහිල් කිරීම ඡන්ද පොරොන්දුවක් කරගෙන..ඇමැති ෂෙහාන් සේමසිංහ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යුගයේදී සිදුකළ බදු සහන දැඩි ලෙස විවේචනය කළ විපක්ෂය අද වනවිට බදු සහන ලබාදීම මැතිවරණ පොරොන්දුවක් බවට පත්කරගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. සිය පාලනයක් යටතේ උපයන විට බදු අනුපාතය සහ එකතු කළ අගය මත බදු අනුපාතය පහත හෙළන බව සමගි ජන බලවේගය සිදු කරන ප්‍රකාශ හුදු ගැලරිය පිනවීමේ සටන් පාඨයක් පමණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අතාර්කික ක්‍රමවේද ඔස්සේ බදු අනුපාත පහත හෙළීම සඳහා කිසියම් පාර්ශවයක් උත්සහ දරන්නේ නම් එය ⁣පෝලිම් යුගයක් වෙත ගමන් කරමින් රට ආපස්සට හැරවීමක් බව හෙතෙම පෙන්වා දෙයි. එසේම අඩු වන බදු අනුපාත හේතුාවන් අහිමි වන ආදායම උත්පාදන සඳහා මුදල් මුද්‍රණය සිදු කළ යුතු අතර නව මහ බැංකු පනත තුළ ඊට ප්‍රතිපාදන අවම බවයි සේමසිංහ මහතා පවසන්නේ. ඒ සඳහා මහ බැංකු සංශෝධනය කළ යුතු අතර එය නැවත වරක් ආණ්ඩුව මහ බැංකු ක්‍රියාවලියට අනවශ්‍ය ඇගිලි ගැසීමක් බව අමාත්‍යවරයා පවසයි. විපක්ෂය⁣ට අවශ්‍ය වන්නේ මහ බැංකුවේ ස්වාධීනත්වය අභියෝගයට ලක් කිරිම විය හැකි බවයි සේමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

You may have missed