ත්‍රිවිධ හමුදා සාමාජිකයන් නීති විරෝධි විදෙස් රැකියා ඒජන්තවරුන්ට හසු නොවන ලෙස ආරක්‍ෂකලේකම්වරයා විසින් කරන ලද ප්‍රකාශය


වසර 30 ක කාලයක් පුරාවට අප රට වෙලාගත් කුරිරු යුද්ධය පරාජය කිරීමට තම දිවිහිමියෙන් කටයුතු
කර අප රටට විශාල මෙහෙයක් සිදුකරන ලද ත්‍රිවිධ හමුදා රණවිරුවින් විශාල පිරිසක් සිය විශ්‍රාම
දිවිය තුලදී නීතිවිරෝධි කූඨ විදෙස් රැකියා ජාවාරම්කරුවන් පිරිසක් විසින් කරන ලද මිනිස් ජාවාරමක
ප්‍රතිඵලයක් ලෙස අනීතික අයුරින් රුසියානු – යුක්‍රේන යුද පෙරමුණට යොමුකර කුලී හමුදා
සාමාජිකයන් ලෙස දුක්ඛිත තත්ත්වයට පත්ව ඇති බවට ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත කරුණු අනාවරණය
වී ඇත.
මෙම යුද පෙරමුණුට කටයුතු කරමින් සිටියදී අප රණවිරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් මියගොස් ඇති
බවත්, තවත් කොටසක් තුවාල ලබා ඇති බවටත් කරුණු අනාවරණය වේ. ශ්‍රි ලංකාවේ ත්‍රිවිධ
හමුදාවන්හි ගෞරවාන්විතව සේවය කර විශ්‍රාම ගොස් ඇති මෙවන් රණවිරුවන් විදෙස් රටක කුලී
හේවායන් ලෙස මෙලෙස කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් ඇති වීම කණගාටුවට කරුණකි. විදෙස්
හමුදාවට එක් කිරීම, විශාල වැටුපක් ලබාදීම, පුරවැසිභාවය හිමිගැන්වීම මෙන්ම තවත් විශාල ප්‍රතිලාභ
ලබා දෙන බවට ජාවාරම් කරුවන් විසින් ලබා දෙන ලද ව්‍යාජ පොරොන්දු වලට අනුව රණවිරුවන්
රුසියානු – යුක්‍රේන යුද පෙරමුණට කුලී හමුදා සාමාජිකයන් ලෙස යොමු කලද ඔවුන් වෙත කිසිදු
වැටුපක්, එවැනි ප්‍රතිලාභයක් හෝ මියගිය හෝ තුවාල ලැබු අයට වන්දි මුදල් ලබාදීමට මෙම ජාවාරම්
කරුවන් කටයුතු කර නැති බවත් මෙහිදී කරුණු අනාවරණය වේ. තවද යුද පෙරමුණෙහි යොදවන ලද අප
රණවිරුවන් පිළිබඳව කිසිදු තොරතුරක් තම පවුල්වල සාමාජිකයන් වෙත ලබාදීමට ද ඔවුන් කටයුතු කර
නැත.
රුසියානු – යුක්‍රේන යුද පෙරමුණට ජාවාරම්කරුවන් විසින් යොමුකරන ලද අප රණවිරුවන් පිළිබඳව ඒ
අතුරින් තුවාල ලැබුවන් පිළිබඳව මෙන්ම මෙහිදි මියගිය අයවළුන් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට
ආරක්‍ෂක අමාත්‍යාංශයත් විදේශ කටයුතු අමාත්‍යාංශයත් විශාල උත්සාහයක් දරමින් සිටී.
ජාවාරම්කරුවන් විසින් අප‍ විශ්‍රාමික රණවිරුවන් අනීතික අයුරින් ව්‍යාජ පොරොන්දු මත විදෙස් යුද
සේවයේ කුලී හේවායන් ලෙස යොමුකර ඔවුන්ගේ ජීවිත අනතුරෙහි හෙලා ඇති පසුබිම තුල රටේ ජනතාව
තවදුරටත් මෙම ජාවාරමෙහි කොටස් කරුවන් ලෙස හසු නොවන ලෙසත් සිය ආදරණියන් පිළිබඳව සිතා
කටයුතු කරන ලෙසත් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශේෂ ඉල්ලිමක් සිදු කර සිටී.
ශ්‍රි ලාංකීය පුරවැසියන් වන මෙම රණවිරුවන් විදෙස් රටක කුලී හේවායින් ලෙස යොදා ගැනීමට කටයුතු
කර වටිනා ජිවිත අනතුරුට ලක්කිරීම ඉඩ තැබිය නොහැකි බව අවධාරනය කරමින් අප රටේ අපරාධ
පරික්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය සහ බුද්ධි අංශ එවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර
ගැනීම සඳහා මේ වන විට විශාල මෙහෙයුමක් දියත් කර ඇති බවත් මේ වන විට එයට සම්බන්ධ අයවළුන්
කීහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් හෙලිකර ගන්නා තොරතුරු වලට අනුව මෙම
මිනිස් ජාවාරම කරන ජාවාරම්කරුවන්ටත් ඒ හා සම්බන්ධ සමාගම්වලටත් ඒ සඳහා අනුග්‍රහය දක්වන

උදව් කරන සියලු දෙනාටත් විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් ආරක්‍ෂක ලේකම්වරයා
තවදුරටත් ප්‍රකාශ කරසිටී.

You may have missed