ශ්‍රී ලාංකික පුරවැසියන් රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා යෙදවීම සම්බන්ධයෙන් තොරතුරුලබාගැනීම වෙනුවෙන් විශේෂ ඒකකයක් පිහිටුවයි

ශ්‍රී ලාංකික පුරවැසියන් රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා යෙදවීම සම්බන්ධයෙන් තොරතුරු
ලබාගැනීම වෙනුවෙන් විශේෂ ඒකකයක් පිහිටුවයි
නීති විරෝධී මාර්ග හරහා රුසියා – යුක්‍රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ
ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට
සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය
විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය
කරයි.
ඒ අනුව, මේ වනවිට විවිධ මාර්ග ඔස්සේ  රුසියා – යුක්‍රේන යුද්ධය
සඳහා පිටත්ව ගොස් ඇති  ත්‍රිවිධ හමුදා විශ්‍රාමික හමුදා සාමාජිකයින්, 
ඔවුන් ගිය දිනයන්,  ඒ සඳහා සම්බන්ධීකරණය කරන ලද
පුද්ගලයින්, ආයතන සහ දුරකථන අංක ඇතුළු අදාල සියලු තොරතුරු
ආරක්‍ෂක අමාත්‍යාංශයේ විශේෂ දුරකථන අංක 0112441146 වෙත
කඩිනමින් ලබා දෙන ලෙස ආරක්‍ෂක ලේකම් අදාල අයගේ පවුල්වල
සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටී.
තවද, මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන
පුද්ගලයින් හෝ වෙනත් අයවළුන් සම්බන්ධ තොරතුරු තිබේනම් එම
විස්තර ද ඉහත දුරකථන අංකය වෙත ලබා දෙන මෙන් ආරක්‍ෂක
ලේකම්වරයා විසින් මහජනතාව වෙත දන්වා සිටිනු ලැබේ.
මෙය හුදෙක් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවිත ආරක්‍ෂාව සඳහා ඉටු
කරනු ලබන කටයුත්තක් බැවින්, මේ සඳහා විශේෂ අවධානය යොමුකර
තොරතුරු ලබා දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

You may have missed