ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලෙන් නීති විරෝධී ලෙස රැගෙන යෑමට තැත් කල මැණික් තොගයක් අත් අඩංගුවට

ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලෙන් නීති විරෝධී ලෙස රැගෙන යෑමට තැත් කල මැණික් තොගයක් අත් අඩංගුවට ගැනීමට ගුවන් තොටුපොල ආරක්ශක අංශ සමත් වී තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් යානා අංක UL 127 දරණ ගුවන් යානාවෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වීමට පැමිනි මේ මගියාගේ ගමන් මල්ලේ ග්‍රෑම් 482.02 ක් බර විවිධ වර්ගයේ මැණික් ගල් තොගයක් තිබුනා. එක්ස් රේ යන්ත්‍ර වලට හසු නොවන පරිදි මේවා කාබන් කොල වලින් ඔතා තිබුනා.
අදාල මගියා සහ මැනික් තොගය ගුවන්තොටුපොල රේගුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විමර්ශන කටයුතු මේ වන විට සිදු කෙරෙනවා.
අදාල මැණික් තොගයේ වටිනාකම රුපියල් ලක්ශ 16 කට රේගුව මගින් තක්සේරු කොට තිබෙනවා.

You may have missed