ඇමති මණඩලය 15ක් කරන නිර්දේශ දේශපාලන පක්ෂ නායකයින් අතට!

වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකරලා තියෙණ අධ්‍යනයක සොයාගැනීම් අනුව අපේ රටේ ඇමති මණ්ඩලය 15ක් කරන නිර්දේශ මේ දවස්වල දේශපාලන පක්ෂ නායකයින්ගේ අවධානයට යොමු කෙරෙමින් පවතිනවා.

ඒ කටයුතුවල ප්‍රතිඵලයක් හැටියට පහුගිය සතියේ ජාතික ජනබලවේගයේ සහ සමගි ජනබලවේගයේ පක්ෂ සාමාජිකයන් හමුවෙලා ඒ නිර්දේශ සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කරන්නට අපට හැකිවුනා.

ජාතික ජනබලවේගයේ මහලේකම් නිහාල් අබේසිංහ, කමිටු සාමාජිකයන් වන ආචාර්ය හරිනි අමරසූරිය සහ මහාචාර්ය උපාලි පන්නිලගේ සමග අපි සාකච්ඡා පැවැත්වුවා. සමගි ජනබලවේගයේ නායක සහ වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පක්ෂ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න සමග අදහස් හුවමාරු කරගන්නට අපි සමත් වුනා.

ඔවුන් දෙපාර්ශයම මේ නිර්දේශ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බව සටහන් කළ යුතුයි.

ඉදිරියේ දී, අනෙක් දේශපාලන පක්ෂ නායකයිනුත් හමුවෙලා ඔවුන්වත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්නයි අපේ බලාපොරොත්තුව.

https://web.facebook.com/ManthriLK/posts/pfbid05VP3g2RBBj9eR7HqpCef3e3xUtYsys8e3mBkFWiLZGhStN87wMwVAM4wGz5tAstUl

2️⃣ https://web.facebook.com/ManthriLK/posts/pfbid02axQfiMN9osV4Cc35zjJfiUFx8N5wxVgd4tS1PjcHpLQBvgcC3rYb3hMZKvV7mjCel

3️⃣ https://web.facebook.com/ManthriLK/posts/pfbid02V5g1N2bKJESE1QKTdAoVL6cLnqvqMTT3d6FXjf28gT3c8beKBZVBhXodmRf1xh8Sl

4️⃣ https://web.facebook.com/ManthriLK/posts/pfbid02LBsfp4crSm7omZbdFoWBcCtcjxnUbxFXNheD8haKVte7eqGB4BJWwUL9SqZE1z8Dl

NPP Srilanka Harini Amarasuriya SJB Sri Lanka Sajith Premadasa Eran Wickramaratne

SriLanka #SriLankaNews #elections

You may have missed