ඔබ සියලු දෙනාට මේ නරක දේවල් පුරුදු කරන අය අපි සමාජයෙන් ඒ වැඩ වලින් අයින් කරනවා

කොටහේන, පරමානන්ද විහාරස්ථානයේ දී සංවිධානය කර තිබූ, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්‌ මුදවාලමින්‌ ඔවුන්‌ සඳහා සුරක්ෂිත අනාගතයක්‌ නිර්මාණය
කිරීම උදෙසා “සුවසාර කැදල්ල” ප්‍රජා පාදක පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන
පිහිටුවීමේ ප්‍රධාන වැඩසටහනේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් සිදු කළ කථාව.

ගෙවල්වල තිබුන ප්‍රශ්න අම්මලාට ළමයි එක්ක තිබ්බ ප්‍රශ්න ස්වාමිපුරුෂය එක්ක තිබ්බ ප්‍රශ්න ඉතින් අපි රටේ ජනතාව අපේ රටේ දූ දරුවන් බේරගන්න තමයි මේ මෙහෙයුම පටන් ගත්තෙ. ඒ මෙහෙයුම කරගෙන ගියාම තේරුණා අපි නව වැඩපිළිවෙළවල් කරන්න ඕන කියල.ඒ අනුව තමයි මේ වැඩපිළිවෙළ පටන් ගත්තෙ අපේ ස්වාමීන් වහන්සේලා වෙනත් ආගමික පූජකවරුන් සමඟ සාකච්ඡා කරලා මෙවැනි මධ්‍යස්ථාන 256 ක් ස්ථාපිත කරන්න කටයුතු කරගෙන යනවා.

අද තමයි ඒකේ ආරම්භය කොළඹ දිස්ත්‍රික්කයේ ආරම්භය අපි කුඩු විකුණන අය කුඩු ගේන අය නැති කරන ගමන් අවාසනාවකට මේවා පාවිච්චි කරන්න පුරුදු වෙච්ච අය බේරගන්න තමයි මේ පුනරුත්ථාපන කඳවුරු වැනි දේවල් පටන් ගන්නේ.අපේ දූ දරුවන් වෙනුවෙන් වැඩ කොටස් දෙකක් කරනවා.

එකක් ඔබ සියලු දෙනාට මේ නරක දේවල් පුරුදු කරන අය අපි සමාජයෙන් ඒ වැඩ වලින් අයින් කරනවා.අනික් පැත්තෙන් මේ පුරුදු වෙලා ඉන්න අයට අපි වැඩපිළිවෙළක් යොදනවා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සභාපතිතුමත් එකතුව අපේ අමාත්‍යංශය යටතට තියෙන මණ්ඩලයක්.මෙවැනි පුනරුත්ථාපන ස්ථාන ස්ථාපිත කරලා නිලධාරීන් සමග ඔබලාට අවශ්‍ය දේශන පවත්වල සියලු ආහාරපාන අපේ ස්වාමීන් වහන්සේලාත් පූජකතුමන්ලත් එකතුවෙලා ඒවා සපයලා අපි ඒ විදිහට මේ වැඩකටයුතු කරගෙන යන්නේ.

අපිට ඕන මේ රටේ අම්මල තාත්තලා දූ දරුවන්ගේ මේ තියෙන ප්‍රශ්න විසඳන්න.

නමුත් අපි මෙවැනි දේවල් කරනකොට අපිට ගොඩක් බාධක එනවා. මේවා කරන එකට අකමැති කට්ටිය යූටියුබ් කාරයෝ සමහර දේශපාලනඥයන් මේක කඩාකප්පල් කරන්ඩ කරන්න තියෙන හැම දෙයක්ම කරනවා.

සමහරවිට මේවා හින්දා තමයි මම මෙවැනි උත්සවයක කරපු කතාවක් නිසා මට අස්වෙන්න කියලත් කියනවා.ඒ මොකෝ ඒගොල්ලන් ඒ කුඩු ජාවාරමේ ඉන්න උදවිය එක්ක සම්බන්ධයි.සම්බන්ධ අය තමයි මෙවැනි දේවල් කඩාකප්පල් කරන්න හදන්න අපි ඒවට සැලෙන්නේ නෑ.අපි මේ වැඩපිළිවෙළ ඉස්සරහට කරගෙන යනවා.

අපි කෙසේ හෝ වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා මේ රට මේ කුඩු වලින් පාතාලයෙන් බේරගන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.

මේ රටේ අම්මල තාත්තලාට දැන් පේනවා මෙහෙම වැඩපිළිවෙලක් තියෙනවා කියලා. මෙවැනි වැඩපිළිවෙළවල් එක්ක එකතු වෙන්න කියලයි මේ රටේ අම්මල තාත්තලාගෙන් මම ඉල්ලා සිටින්නේ.

තමන්ගේ දූ දරුවන්ව අවාසනාවන්ත විදිහට මේ ජාවාරම්කරුවන්ට සම්බන්ධ නොවී බේරගෙන ඔවුන්ට හොඳ අනාගතයක් ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන්.මේ රටේ සියලුම පුරවැසියන් එකතු වෙමු රටට ආදරය කරන තමන්ගේ පවුලට ආදරේ කරන තමන්ගේ දූදරුවන්ට ආදරය කරන පුරවැසියන් සියලු දෙනාම අපි සමග එකතුවෙලා මේ වැඩපිළිවෙළට සහයෝගය දීලා අපි මේ රට කුඩු වලින් පාතාලයෙන් බේරගෙන අපේ දූ දරුවන්ව රැක ගනිමු.

You may have missed