ප්‍රජා පොලිස් කමිටු වැඩසටහන වෙනුවෙන් කැනඩාවේ සහාය අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද සිදුවිය.මෙම අවස්ථාවට ශ්‍රීලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) Patrick Pickering මහතාද සහභාගී විය.

අපරාධ මර්දනය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් ශ්‍රීලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන යුක්තිය මෙහෙයුම සහ ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළ පිළිබඳව මහකොමසාරිස්වරයා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ අදහස් හුවමාරු කරගනු ලැබිණි.

ශ්‍රී ලංකා පොලීසිය වෙනුවෙන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා විය.

අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රජා පොලිස් කමිටු වැඩසටහනේ වැදගත්කම පෙන්වා දෙමින් එය ශක්තිමත් කරගැනීම සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් සිදුකිරීම වෙනුවෙන් සහයෝගය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතාගෙන් ඉල්ලා සිටියේය.

මාධ්‍ය ඒකකය,
මහජන ආරක්ෂක අමාත්‍යාංශය.

You may have missed