සේවයට වාර්තා නොකර සිටින විශේෂිත පුහුණුවක් ලැබූ හමුදා නිලධාරීන්ට මුදල් ගෙවා සේවය අවසන් කිරීමට අවස්ථාව ලබා දෙන්න – විපක්ෂ නායක

සේවයට වාර්තා නොකර සිටින විශේෂිත පුහුණුවක් ලැබූ හමුදා නිලධාරීන්ට මුදල් ගෙවා සේවය අවසන් කිරීමට අවස්ථාව ලබා දෙන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ත්‍රිවිධ හමුදාවේ සේවයේ නිරතව සිටින මුත් සේවයට වාර්තා නොකරණ නිලධාරීන් හට සේවයෙන් ඉවත් වීම සඳහා පොදු සමා කාලයක් 2024 අප්‍රේල් 20 සිට මැයි 20 දක්වා දී ඇති නමුත් හමුදා සේවයට බැදීමෙන් අනතුරුව විශේෂිත පුහුණුවක් ලද අයට මෙම පොදු සමා කාලයේ ඉවත් වීමට නොහැකි වී ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම 2024 අප්‍රේල් 2 වැනි දිනට පෙර නිවාඩු නොමැතිව හමුදා සේවයට වාර්තා නොකරන අය හටද පොදු සමා කාලය තුළ හමුදාවෙන් ඉවත් වීමට නොහැකි වී ඇති බවත් රාජ්‍ය අරමුදල් භාවිතයෙන් හදාරණ ලද පාඨමාලාවන්ට අදාළව බැදුම්කර අත්සන් කර ඇති මෙම අය මුදල් ගෙවා හෝ ඉවත් වීමට අපේක්ෂාවෙන් සිටින බැවින් මේ ගැන අවධානය යොමු කර කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

You may have missed