ආබාධිත රණවිරු ගැටලුවත් සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ වන්දි ගැටලුවත් විපක්ෂ නායක සජිත් නැවතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි…

0

2022 නොවැම්බර් මස 08 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද චක්‍ර ලේඛයක් හරහා ආබාධිත රණවිරුවන්ට හිමිවිය යුතු වරප්‍රසාද කප්පාදු කර ඇති බවත් එය මීට පෙර තමා සභාගත කළ බවත් ඒ චක්‍රලේඛය අනුව වයස අවුරුදු 55ට පෙර ජීවිත හානියක් වුවහොත් ඒ සම්බන්ධ හිමිවිය යුතු වන්දි කලත්‍රයට හිමි නොවන බවට එහි සදහන් බවත් මේ සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 20 වැනි දා පා.ම. සරත් වීරසේකර මහතා කියා සිටියේ එම ගැටලු නිරාකරණය කිරීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති වුවත් එවැනි කිසිදු සූදානමක් මේ වන විටත් රජය ගෙන නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ආබාධිත රණවිරු ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.

මෙවර අයවැයෙන් පවා ඒ සදහා ප්‍රතිපාදන වෙන් නොවී ඇති බවත් ජනාධිපතිවරණ සමයේ පවා ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණය අතරතුර එම ප්‍රශ්න විසඳන බවට පොරොන්දු වුවත් එම ගැටලු තවමත් විසඳී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම යුද සමයේ විශාල දායකත්වයක් ලබා දුන් සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ නිලධාරීන්ට ලක්ෂ 30 බැගින් ලබා දී විසුරවා හැරීමට කටයුතු සූදානම් කර ඇති බවත් ඔවුන්ගේ සේවාවේ වටිනාකම ලක්ෂ 30ක් ලෙස තක්සේරු කර ඇති බවත් එවැනි තක්සේරුවක් කිරීම කණගාටුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

#SajithPramadasa #Parliment #SriLanka

Leave a Reply

You may have missed