ජනපතිගේ කතාවක් නිසා අධිකරණය සිදුවන බලපෑමක් ගැන විපක්ෂ නායකවරයාගෙන් අනාවරණයක්…

0

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා පත් කල අන්තර්වාර කමිටුව සම්බන්ධ නඩු විභාගයක් අභියාචනාධිකරණයේ විභාග වන අවස්ථාවේ ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී එක්තරා විනිසුරුවරයකුගේ නමත් සඳහන් කර ඔහුගේ උසස්වීම ගැනත් කතා කළ බවත් එසේ කතා කරන මොහොතේම අධිකරණයේ සිදුවන විභාගයක් තුළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිදුකළ කතාව ගැන සඳහන් වු බවට වාර්තා වූ බවත් මෙය බරපතළ ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කරුණාකර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කරන ලෙසත් එය ගරු විනිසුරුවරයාත් අධිකරණයත් පාර්ලිමේන්තුවත් බරපතල අපහසුතාවකට පත් කිරීමක් බවත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

#SajithPremadasa #Parliment #SriLanka

Leave a Reply

You may have missed