සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතාරැසක් කෝප් කමිටුවේදී අනාවරණය වෙයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා
රැසක් කෝප් කමිටුවේදී අනාවරණය වෙයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් අධ්‍යාපන
අමාත්‍යාංශ ලේකම් ලබාදෙන වාර්තාවෙන් පසුව ඒ
සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට
නව වෛද්‍ය පීඨවල වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳ කමිටුවේ
අවධානය
2007 වර්ෂයේදී පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීමට රු.
1,494,543 ක මූලික වියදම් ලෙස දරා තිබුණද එම ඉදිකිරීම්
ආරම්භ නොකිරීම පිළිබඳ අවධානය
පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු
පිළිබඳ අවධානය.
විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටිය හා ක්‍රීඩාගාරයේ වර්තමාන තත්ත්වය
පිළිබඳ අවධානය
සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේදී අනාවරණය විය.
මේ අනුව මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂාකර බලා මේ සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් සකස්
කොට කෝප් කමිටුවට ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියට නිර්දේශ කිරීම මෙහිදී සිදු
විය. මෙම ලබාදෙන වාර්තාවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ
දෙපාර්තමෙන්තුවට භාරදෙන බව කෝප් කමිටුව මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ පිළිබඳ කරුණු අනාවරණය වුයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිත
අබේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.


මෙහිදී සබරගමුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර අලුතෙන් ආරම්භ
කළ වෛද්‍ය පීඨ 5 සම්බන්ධයෙන් කමිටුවේ අවධානය යොමු විය. මේ අනුව වෛද්‍ය පීඨ 4 ක්‍රියාකාරීත්වය
යහපත් මට්ටමේ පවතින බව මෙහිදී අනාවරණය වූ අතර මොරටුව විශ්වවිද්‍යාලයට අනුයුක්ත වෛද්‍ය පීඨයේ
ශිෂ්‍යයින්ගේ සායනික කටයුතු වෙනුවෙන් කලුතර රෝහලේ පහසුකම් ප්‍රමාණවත් නෙ‍ාවන බව එම
විශ්වවිද්‍යාලය පෙන්වා දුන්හ. මේ සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදාගැනීමට යෝජනා වී ඇති නමුත් මෙම
රෝහල ලබා ගැනීම සම්බන්ධයෙන් මුදල් ගැටලුවක් හේතුවී ඇති බව මෙහිදී පැමිණි නිලධාරීහු පෙන්වා දුන්හ.
මේ අනුව ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම් සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ගේ
මැදිහත්වීමෙන් සාකච්ඡාවක් පවත්වා සති දෙකක් ඇතුළත මේ සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් ගන්නා ලෙස
කමිටුව නිර්දේශ කළේය.
ඉන් අනතුරුව සබරගමුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සාකච්ඡාව ආරම්භ වූ අතර මෙහිදී ප්‍රධාන වශයෙන්
2023 නොවැම්බර් 09 දින පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් මෙම විශ්වවිද්‍යාලය
සම්බන්ධයෙන් නිකුත්කරන ලද නියෝග සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදු
විය.
මේ අනුව 2007 වර්ෂයේදී පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීමට රු. 1,494,543 ක් මූලික වියදම් ලෙස දරා
තිබුණද එම ඉදිකිරීම් ආරම්භ නොකිරීම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන්
පැමිණි නිලධාරීන් සඳහන් කළේ හිටපු අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සකස් කළ වාර්තාව දින
කිහිපයකට පෙර නව ලේකම්වරියගේ අත්සනින් යුතුව විගණකාධිපතිවරයාට සහ කෝප් කමිටුවට ලබා දී ඇති
බවයි. නමුත් මේහිදී මාසයක් ඇතුළත ලබාදීමට නිර්දේශ කර ඉන් අනතුරුව 2024 පෙබරවාරි 09 දක්වා කාලය
ලබාදුන්නද මෙම වාරතාව ලබාදීමට මාස 6 පමණ ගතවීම පිළිබඳව කමිටුවේ අප්‍රසාදය පළ කළේය.
එසේම විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටිය ඉදිකිරීම් සම්බන්ධයෙන් නොවැම්බර් මස කෝප් කමිටුවට කැඳවන විට පවති
ආකාරය පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය. මෙහිදි ක්‍රීඩා පිටියේ ජලය රැදී තිබීම, බොරලු මිශ්‍ර පස්
යෙදීම නිසා මතුපිට රළු ස්වභාවයක් ගැනීම සහ බැම්ම පුපුරා යෑම පිළිබඳ කෝප් කමිටුව පසුගිය රැස්වීමේදී
විමසන ලදි. මේ අනුව මේ වන විට පැවති අඩුපාඩු සකස්කොට අවසන්ව ඇති බව පැමිණි නිලධාරීහු පෙන්වා
දුන්හ.
තවද කොන්ත්‍රාත් වටිනාකම රු. 315,051,433 ක්වූ නව පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම
කොන්ත්‍රාත්කරුවන් විසින් පැහැර හැර තිබියදී රු. 72,461,830 ක අත්තිකාරම් බැදුම්කරයක් ලබාදීම පිළිබඳව
මෙහිදී අවධානය යොමු විය. මේ අනුව මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියගේ
ප්‍රධානත්වයෙන් විමර්ශනයක් පවත්වන ලෙස කෝප් කමිටුව නිර්දේශ කළේය.
එසේම ග්‍රන්ථ මිලදීගැනීමේදී සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳවද මෙහිදී අනාවරණය විය. තවද මෙම
විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර මෙම
සියලු කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තාවක් සකස් කර මෙම කාරක සභාවට ලබාදෙන ලෙස
කමිටුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරියට නිර්දේශ කළේය. මෙම ලබාදෙන වාර්තාවෙන් අනතුරුව ඒ
සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට භාරදීමට කටයුතුකරන බව
කෝප් කමිටුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මේ කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ඉන්දික අනුරුද්ද, ගරු ජානක වක්කුඹුර පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් වන ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, (මේජර්) ගරු සුදර්ශන දෙනිපිටිය සහ ගරු මධුර
විතානගේ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

You may have missed