ලෙනින්, මාක්ස්, ස්ටාලින් ගිල ගෙන සිට සමාජවාදීන් ක්‍රියාව ගැන සිදු කරන විවාද ගැන දන්නෑලු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

උතුරු කොරියාවටයි කියුබාවටයි ආවඩමින් සිටි එක් සමාජවාදියෙකුට මේ වන විට දියුණුවන ලෝකයේ රටවල් පිළිබඳවත් ඇස් ඇරී ඇති බවත් ඔහු ක්‍රියාවෙන් විවාද කළ නොහැකි බවට පවසන බවත් ලෝකයේ ප්‍රසිද්ධම විවාදය වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ විවාදය බවත් මෙහි දී ප්‍රාථමික ඡන්දවල විවාද පවා සිදු කරන බවත් මේ වාද විවාද කරන්නේ තමන් පසුගිය වසර 4 තුළ අධ්‍යාපනයට, පරිසරයට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට, ආර්ථිකයට සිදු කළ සේවාවන් ගැන බවත් මේවා නොදැන ලංකාවේ සමාජවාදීන් ක්‍රියාව ගැන විවාද කළ නොහැකි බව පැවසූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෑතක් වන තුරු ලෙනින්, මාක්ස්, ස්ටාලින් ගිලගෙන සිටි මේ අය මේ වන විට සමාජවාදයෙන් ඉදිරියට යා නොහැකි හේතු කාරණා සොයන්න ලෝකය වටේ සවාරි යන ගමන් මාධ්‍ය හරහා ජනතාවට බොරු සපයන බවත් විවාද සිදුවිය යුත්තේ තමන්ගේ ක්‍රියාකලාපය ගැන බවත් ලෝකයේ ක්‍රියාව ගැන අනන්තවත් විවාද සිදුවන විට අප රටේ කයිය නායකයෝ ක්‍රියාව ගැන විවාද කළ නොහැකි බව පැවසීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 179 වැනි අදියර යටතේ අද ගම්පහ දොම්පේ කෑරගල සංඝරාජ මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

සක්වල හුස්මට ආධාර ගන්න කිසිම කොන්දේසියකට යටවෙලා නැහැ

එසේම මේ සක්වල හුස්ම වැඩසටහන් ඵලක් නොවන බව පවසන බවත් ධානපතියන්ගෙන් අරගෙන ලබා දීම වැඩක් නොවන බවට පවසන බවත් මෙරට ලක්ෂ 220 ජනතාව මෙයට සැබවින්ම විරුද්ධද කියා ප්‍රශ්න කරන බවත් මේ වැඩසටහන්වලට උදව් කළ කියා කිසිදු පොරොන්දුවක් කොන්දේසියකට යටත් වී නොමැති බවත් ඔවුන්ට වුණ එකම පොරොන්දුව වූයේ දූෂණය තුරන් කරනවා කිය එක බවත් ව්‍යාපාරිකයන් පවා ඒ වෙනුවෙන් ඉල්ලීම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

කාඩ්බෝඩ් සමාජවාදීන් සටන් කරන්නේ නිර්ධන පන්තිය වෙනුවෙන් නම් නෙවෙයි

මොවුන් නිර්ධන පන්තිය වෙනුවෙන් සටන් කර නිර්ධන පන්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නිර්ධන පන්තිය සවිබල ගැන්වීමට ධනපති පන්තිය උපයෝගී කර ගැනීම ඔවුන්ගේ න්‍යාය යැයි සිතුවත් මේ වන විට පෙනී යන්නේ ඔවුන්ට අවශය වී ඇත්තේ නිර්ධන පන්තිය සවිබල ගන්වනවා වෙනුවට ධනපති පන්තිය හරහා ඔවුන්ගේ සාක්කු පුරවා ගැනීම සහ පක්ෂ අරමුදල් පුරවා ගැනීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වලට විරුද්ධ මාක්ස්වාදීන්ගේ දරුවන් යන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාවලට

රටේ අධ්‍යාපනය නවීකරණය කරන්න යන විට යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමයේ එල්ලී සිටින පැරණි ගතානුගතික රාමුව තුළට කොටුවී සංවෘත්ත වැහුණු රටක් ගැන විශ්වාසය ඇති අන්ත මාක්ස්වාදී කොමියුනිස්ට්වාදී අන්ත සමාජවාදී කොටස් මේ වෙනස්කම්වලට ගරහන බවත් ඔවුන්ගේ දුවා දරුවන් ජාත්‍යන්තර පාසල්, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල හා පෞද්ගලික විශ්වවිද්‍යාවලවල ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබුවත් රජයේ පාසල්වල දරුවන්ට ඒවා අකැප බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල වැඩසටහනට විරුද්ධව එක් කතා කළ එක් සමාජවාදියෙක්ගේ දරුවා ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපන පද්ධතියෙන් නොවන බවත් මේ අන්තවාදී සමාජවාදී කොමියුනිස්ට්වාදී නායකයන්ගෙන් දරුවන් උපාධි පවා ලබා ගන්නා බවත් ඒ ගැන අවංකව සතුටු වන නමුත් තමන්ගේ දරුවන්ට මෙන්ම රටේ අනෙකුත් දූදරුවන්ට ද එම අවස්ථා උදාකර දීම අපගේ වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 179ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1972ක් වැය කර තිබේ.

You may have missed