විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම රජයටවගකීමක් නැති තිදෙනෙකු විසින් කිරීම කිසිවිටෙකත් අනුමත කළ නොහැකියි

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍යංශ ලේකම්, මුදල් අමාත්‍යංශයේ නියෝජනයක් අනිවාර්‍ය කළ යුතුයි.රජයට වගකීමක් නැති තිදෙනෙකු විසින් මෙම කාර්‍යය කිරීම කිසිවිටෙකත් අනුමත කළ නොහැකියි


එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක
මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය, විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති, එක්සත් ජනරජ පෙරමුණේ ජාතික උපදේශක සභාවේ සමාජික අනුර විජේපාල

*විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍යංශ ලේකම්, මුදල් අමාත්‍යංශයේ නියෝජනයක් අනිවාර්‍ය කළ යුතුයි.රජයට වගකීමක් නැති තිදෙනෙකු විසින් මෙම කාර්‍යය කිරීම කිසිවිටෙකත් අනුමත කළ නොහැකියි
*සම්මත මිල නියම කරන තෙන් තඟකාරී ක්‍රමයකට යායුතුයි
*වෘත් තීය සමිති සෑම දෙයකම නරකක් දැක්කත් කළ යුතු නිවරැදි දේ සිදු කළ යුතුයි
*වැරැදි සහගත නව විදුලි පනත සංශෝධනය විය යුතුයි
*කඩිමුඩියේ සම්මත කරගන්න හදන විදුලි පණත නිසා විදුලි බිල අසීමාන්තිකව වැඩි විය හැකියි
*විදුලි බල අමාත්‍යවරයාට හොරාකන්න හදන පනතක්

ජනතා උද්ගෝෂණ හේතුවෙන් සම්මත නොකොට ඉවත්කළ විදුලි බල පනත 2024 අප්‍රේල් 24 වැනිදා නැවත වරක් කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා පැවසීය.
07 වැනිදා එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා එසේ පැවසීය.
මේ නව පනත සම්මත කර ගැනීමෙන් විදුලි බල මණ්ඩලයේ දැනට බෙදී ඇති විෂය පථය විදුලි බල අමාත්‍යවරයා අතට පත්වන බවත් ඒ හේතුවෙන් ඒකාධීකාරයක් ඇතිවන බව ද වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූවේය.

ඒ පනතට අනුව සමාගම් 12කට රටේ විදුලි උත්පාදන කටයුතු භාරවන බවත් පරිභෝජනයට අදාළ විදුලිය, විදුලි බල මණ්ඩලයට මිලට ගැනීමට සිදුවන බවත් ඒ හේතුවෙන් දැනට පවතින විදුලි ගාස්තු වලට වඩා අධික ගාස්තුවක් රටේ ජනතාවට ගෙවීඅට සිදුවන බවද එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායකවරයා මාධ්‍ය අමතමින් පැවසීය.

අයකරනු ලබන අධික විදුලි ගාස්තුව හේතුවෙන් කර්මාන්ත බොහෝමයක් මේ වෙද්දී වෙනත් රටවලට්‍ය ගෙන ගොස් ඇති බවත් දැනට පවතින අධික විදුලි ගාස්තු අය කිරීම හේතුවෙන් ලක්ෂ දහයකගේ පමණ විදුලිය විසන්ධි කොට ඇති බව ද සුමේධ රත්නායක මහතා සඳහන් කළේය.

රටේ මහජනතාවගේ අඩු මිලට විදුලිය පරිභෝජනය කිරීමේ තිබෙන අයිතියට වැට බඳින ස්ථාන විශාල ප්‍රමාණයක ඇති බවත් ඒ නිසා පාර්ලිමේන්තුවේ එය සම්මත කිරීමට පෙර විදුලිබල පනත නිවැරදි කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ මතය බවද ඒ මහතා පැවසීය.

නව පනත ක්‍රියාත්මක වීමේදී අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවටත් ඉහළින් බලතල පැවරෙන බවත් ඒ නිසා එයින් දූෂණයට මාර්ගය පෑදෙන බව ද සුමේධ රත්නායක මහතා සඳහන් කළේය.

ඒ ගැන උදාහරණයක් වශයෙන් එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායකවරයා වැඩි දුරටත් මාධ්‍ය අමතමින් මෙසේ පැවසීය.

‘’අපි පහුගිය දවස්වල දැක්කා අර වීසා නිකුත් කිරීමට පෞද්ගලික සමාගමකට දීලා තියෙන සිදුවීම ගැන..ඒ අදාළ අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් පමණක් ඉදිරිපත් කිරීමෙන් තමයි රටට අලුතෙන් එන පුද්ගලයින්ගෙන් වීසා වලට ඩොලර් දහ අටේ සිට විසි පහක් පුද්ගලයෙක්ගෙන් අලුතෙන් එකතු කර ගැනීමේ අයිතිය සමාගමකට දීලා තිබුනේ.
රට තුළට මිලියන දෙකක් ඒ කියන්නේ ලක්ෂ විස්සක් ආවනම් ඩොලර් මිලියන පනහක විතර අති දැවැන්ත මුදලක් ඒ සමාගමට හිමි වෙනවා.

මේ රට තුළ ඔය වගේ සමාගම් වලට කැබිනට් පත්‍රිකාවක් මගින් පමණක් ඔය වගේ මුදල් ගරා ගැනීමේ ඉඩකඩ දෙන්නේ ඇයි කියලා අපි හැමෝම දන්නවා.
වීසා නිකුත් කරන්න සමාගමකට පැවරූ සිද්දිය ගැන හඬ නගපු තරුණයාව අත්අඩංගුවට ගන්න කියලා මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරලා තියෙනවා අපි දැක්කා..හොරකම කරන මිනිහාව අත්අඩංගුවට ගන්න එක සිදුවිය යුතු වුනත් හොරකමට විරුද්ධව කෑගහන පුද්ගලයාව තමයි මේ වර්තමාන ආණ්ඩුව හැමතිස්සෙම අත්අඩංගුවට ගන්න හදන්නේ.

මාධ්‍ය හමුව අමතමින් මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය, විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති, එක්සත් ජනරජ පෙරමුණේ ජාතික උපදේශක සභාවේ සමාජික අනුර විජේපාල මහතා, කඩිමුඩියේ විදුලිබල පනත නව ප්‍රතිසංස්කරණ සහිත විදුලිබල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ඒ නිසා අඩුපාඩු සහිත, සියලු දෙනාගේම දෝස දර්ශනයට ලක් වූ පනතක් වූ බව ද සඳහන් කළේය.

නව පනතට අනුව අමාත්‍යවරය විසින් තිදෙනෙකු පත් කරන බවත් අමාත්‍යවරයා විසින් සාමාගම් 12ක් තෝරාගෙන ඒවා මගින් විදුලි බලය උත්පාදනය කොට ජාතික පද්ධතියට අවශ්‍ය කරන විදුලිය ජාතික විදුලි බල මණ්ඩලයට මිලට ගැනීමට සිදුවන බව ද ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.

ජාතික විදුලි බල මණ්ඩලයට ට්‍රිලියනක පමණ වත්කම් ඇති ආයතනයක බවත් එවනි ආයතනයක් ප්‍රතිව්‍යුවහගත කිරීමේදී වැරැදි සිදුවිය හැකි බව ද අනුර විජේපාල මහතා පැවසීය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඒ ආකාරයට ප්‍රතිව්‍යුවහගත කිරීමේදී වත්කම් විශාල වශයෙන් අපයෝජනයට ලක් වූ බවත් අදාළ ඔවුන්ගේ මණ්ඩල අනුව ඒවා විකුණා දැමූ බව ද ඒ මුදල් වලට වූ දෙයක්වත් ඒවා පරිශීලනය වූ ආකාරය ගැන වගකීමක්වත් නොමැටි බව ද සඳහන් කළේය.

විදුලි බල මණ්ඩලයට අයත් ට්‍රිලියනයක වත්කම් පිළිබඳව නිසි විගණනයක් බොහෝ කාලයකින් සිදුවී නොමැති බවත් ප්‍රතිව්‍යුවහගත කිරීමක් සිදුකරනුයේ නම් නියමිත ආකාරයට විගණනය සිදුකොට වගකීමක් සහිතව අදාළ සමාගම් වලට පැවරීම සිදුකළ යුතු බව ද සඳහන් කළ විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති අනුර විජේනායක මහතා අදාළ සමාගම් වලට පවරා දීමෙන් අනතුරුව ඒවා විකිණීමට හෝ පවරීමට හෝ නොහැකි වන ලෙස අදාළ වගන්ති සංශෝධනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට පනත සම්මත කර ගැනීමට ඉදිරිපත් කිරීම සුදුසු බව ද යෝජනා කරන ලදි.

වැඩි දුරටත් මාධ්‍ය හමුව අමතමින් මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය, විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති, එක්සත් ජනරජ පෙරමුණේ ජාතික උපදේශක සභාවේ සමාජික අනුර විජේපාල
අමාත්‍යවරයාගේ පත්කිරීම් සඳහා අඩුම වශයෙන් යම්කිසි ආයතනවල සාමාජිකත්වය දරන, රටට වගකියන පුද්ගලයින් පත්කරන්න පුළුවන් නම් හොඳයි කියලා අපි හිතනවා.

අපිට අතීතයේ අත්දැකීම් තියෙනවා. ඉතා ඉහළ මිල ගණන් වලට විදුලිය මිල ගැනීමට සිදුවීම ගැන. විදුලිය මිලදී ගැනීමේ, සැපයීමේ සියලුම මිල ගණන් තීරණය කිරීමේ සම්පූර්ණ බලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවට පවරලා තියෙනවා.
ඉදිරියේදී වැඩිපුර එන්නේ පුනර්ජනනීය බලශක්තියයි. ඒක නිසා ඉතාම පරිස්සම් විය යුතුයි පුළුවන් තරම් අපේ සියලු බලාගාර තරඟකාරී මිල අනුව ගන්න. එහෙම ගන්නැත්තං එහෙම අපේ සම්මත මිලත් තීරණය කරනවා නං ඒ සම්මත මිල තීරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ඇතුළු කණ්ඩායම්, රජයේ නොයෙකුත් ආයතන නියෝජනය වන පරිදි කමිටුවක් හරහා ඒ මිල තීරණය කරන්න. ඒ වගේම එය මාස හයකට සැරයක්වත් සංශෝධනයට කිරීමෙන් යාවත්කාලීන කරන ලෙසත් අපි යෝජනා කරනවා.

මේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම අමාත්‍යවරයා විසින් පත්කරනු ලබන තිදෙනෙක් විසින් සිදු කරනවා..ඒ වගේම අවුරුදු දහයක අත්දැකීම් තිබෙන තිදෙනෙක්.

ඒක ගැලපෙන් නැහැ.. ට්‍රිලියනයක වත්කම් ඇති විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුවහගත කරන්නේ තුන් දෙනෙක්ගෙන්…
ඒ සඳහා රජයට බැඳීමක් නැති කණ්ඩායමක් පත් කරලා තියෙනවා…ඒ ආකාරයට පත්වෙන පුද්ගලයන්රට හැර ගියොත් කවුද ඒකට වග කියන්නේ..? ඒ නිසා මම යෝජනා කරනවා මේ තුන්දෙනාට අමතරව හරි අමාත්‍යාංශ ලේකම්වරයා එහි සාමාජිකයෙක් කරන්න. එහෙම නැත්නම් අඩුම ගානේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් හෝ එහි සාමාජිකයෙක් කරන්න. ඊට අමතරව මුදල් අමාත්‍යාංශයේ නියෝජනයක් තියන්න.විදුලි බල මණ්ඩලය සතු අතිවිශාල දැවැන්ත ධනස්කන්ධයක් ප්‍රතිව්‍යුවහගත කරන්න යන්නේ.. දකුණු ආසියාවේම ඉහළම විදුලි බිල තියෙන්නේ අපිට. ආසියාවේත් ඉතාම ඉහළම විදුලි බිලක් අපි ගෙවනවා. මේවට හේතු වෙලා තියෙන්නේ විදුලිබල මණ්ඩලය නිසි පරිදි පහුගිය කාලයේ මෙහෙයවීමට ලක් නොවීමයි.

එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයක් හැටියට පාර්ලිමේන්තුවේ අදාළ කමිටුවලට යෝජනා සහ අපේ අදහස් ලිඛිතව
ලබා දීලා යම්කිසි විදිහකට රජයට සහය වෙන්නත් ඒ කර්තව්‍ය නිවැරදිව කර ගැනීමට අපේ දායකත්වය දක්වන්නත් අපි බලාපොරොත්තුවෙනවා යනුවෙන් පැවසීය.

You may have missed