ඖෂධ එන්නත් කිරිම්, රුධිර පරික්ෂාවන් ඇතුළු සත්කා‍ර සේවාවන් රැසකට අවශ්‍ය සිරින්ජර වර්ග රැසක ගිඟයක්…

0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉමුයුනෝග්ලොබියුලින් ක්‍රියාන්විතයට අනූව, ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, තාක්ෂණික ඇගයිම් කමිටුව සහ හිටපු සෞඛ්‍ය ඇමති වරයා නිදොස්කොට නිදහස් කර ඇති බවක් පේනවා. වෛද්‍ය සැපයීම් අංශය කියන්නේ මේ ගණුදෙණුවේ ආවසන් කොටස. වෛද්‍ය සැපයීම් අංශය විතරක් ඉලක්ක කිරීමෙන්, අපරාධ කරුවන් සුක්ෂමව අපරාධය සාධාරණය කරමින් ඉන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට එරෙහිව සැබෑ අපරාධකරුවන් වෙත අනුකම්පාව හදා ගනිමින් ඉන්නවා.

හොර ඉමියුනෝග්ලොබියුලින් එන්නතේ තිබුණේ මොනවාද කියලා තවම හොයා ගන්න බැරිවෙලා තියනවා. වඩාත්ම අසාධාරණයට ලක් වෙච්ච රෝගීන් ගැන හොයන්න කවුරුත්ම නෑ. රිටුක්සිමැප් පිළිකා එන්නත දෙදහකට දීලා. ඒකත් හොර එකක්. අසාත්මිකතා පිලිබඳ ඖෂධ අධිකාරිය මෙතෙක් කල පරීක්ෂණත් සැක සහිතයි. අලුත් සෞඛ්‍ය ඇමති, ලේකම්, NMRA සභාපති පත් වෙන්නේ මේ රෝගීන්ට වෙච්ච අසාධාරණය නිවැරදි කරන්න. ඒ නිසා ඒක මග හැරලා යන්න ඒ අයට බැහැ. හොර සහ බාල ඖෂධ හේතුවෙන් අසාධාරණයට ලක්වෙච්ච රෝගීන් ගැන හොයන්න වාහම කමිටුවක් පත් කරන්න කියලා අපි සෞඛ්‍ය ඇමතිවරයාට සහ ලේකම් වරයාට බල කරනවා.

ඉමියුනෝග්ලොබියුලින් හෝ වෙනත් ඖෂධ ගැන හොයන්න වෛද්‍ය පර්යේෂණ ආයතනයට එහෙම නිදර්ශක එවන්න එපා. ඖෂධ නියාමන අධිකාරියෙන් සැක පිට ඉවත් කරපු ප්‍රධාන විධායක නිලධාරියා දැන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යයක්ෂක කරලා. අපි කොහොමද ඒ ආයතනයේ ප්‍රතිඵල විශ්වාස කරන්නේ.

ඖෂධ එන්නත් කිරිම්, රුධිර පරික්ෂාවන් ඇතුළු සත්කා‍ර සේවාවන් රැසකට අවශ්‍ය සිරින්ජර වර්ග රැසක ගිඟයක්

මිලිලීටර 10 සහ මිලිලීටර 20 ට ආදාල සිරින්ජරන් කිසිවක් වෛද්‍ය සැපයීම් අංශයෙහි නැහැ.

අනුමත කල සිරින්ජර ටෙන්ඩරයකට අදාල සිරින්ජර තත්වයෙන් බාල වීම් හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය විසින් අත් හිටුවලා. ඇතැම් සිරිර්න්ජර තුල ජල වාශ්ප ඇතුළු විවිධ තෙල් වර්ග වලින් අපිරිසිදු වී තිබීම පිළිබඳව පැමිණිලි ලැබිලා.

මිලි ලීටර 5 ප්‍රමාණයෙන් පමණක් කුඩා තොගයක් පවතින නමුත්, 20, සහ 10 අවශ්‍යතාවයන් සඳහා වැඩිපුර යෙදවීම5අ සිදු වීම නිසා එම තොගයද ඉදිරි මාසයේදි ඉවර වීමට නියමිතය.

බොහො ඖෂධ රෝගීන්ට ලබා දීම සඳහාත්, රුධිර පරීක්ෂණ ඇතුලු සේවාවන් රැසක් සඳහා මෙම සිරින්ජර අත්‍යවශ්‍ය බැවින්, ඖෂධ තිබියදී පවා ඒවා රෝගීන්ට ලබා දීමට නොහැකි තත්වයක් මතුවීම හේතුවෙන් සත්කාර සේවාවේ බරපතල අර්බුධයක් මතු වෙමින් තිබේ.

කෙසේ නමුත් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යකෂක වරයා, හොර ඉමියුනෝග්ලොබියුලින් ගණුදෙණුවට අදාලව බන්ධනාගාර ගත කිරීම හේතුවන් ඇතිවූ බිය මූලික කර ගනිමි ඇතැම් සෞඛ්‍ය බලධාරීන් තීරණ ගැනිම මග හැර සිටීම හේතුවෙන්, මෙම ගැටළු සඳහා පිළියම් යෙදවීමද විශාල ලෙස ප්‍රමාදවෙන හෝ ප්‍රමාද වෙන තත්වයක් ඇතිවිය හැකිය.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
0773077717

#Health #SriLanka

Leave a Reply

You may have missed