මට ඡන්ද නොලැබුණාට කමක් නැහැ. රටේ දරු පරපුර වෙනුවෙන් මේ මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටිවලට නම් තිත තියනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අද වන විට මත්පැන් බලපත්‍ර ලබා දීම මෘදු මත්පැන් බලපත්‍ර ලබා දීම හා මතට කේන්ද්‍ර කර ගත බලපත්‍ර හරහා බරපතල දේශපාලන සූදුවක් වන බවත් මෙ තුළින ඡන්ද හැදී මුදල් ලැබුණත් රටටත් ජනතාවටත් තරුණයන්ටත් සෙතක් නොවන බවත් දේශපාලනඥයන් රෝහල්වලට උපකරණ දීම විවෘත කරනවා සේම මත්පැන් මත්කුඩු නිසා හානිය ගැන එළිපිට කතා කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

අද වන විට දුම්කොළ සමාගම් බලවත් වී ඇති බවත් මේ සමාගම්වලට ඕනැම ප්‍රබලයෙක් මුදලට ගෙන තමන් විසින් රජයට ගෙවිය යුතු නිසි බදු පැහැර හරින බවත් මුදල් බලය තිබු පමණින එය උපයෝගී කර ගෙන බදු පැහැර හරිනවා පමණක් නොව රටේ ජනතාවත් දරු පරපුරත් තරුණ පරපුරත් මරණ මංචකයට යවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ගැන දරුවන් දැනුවත් කළ යුතු බවත් වැඩිහිටියන් මෙවැනි දේවල් කළත් තරුණ පරපුරත් දරු පරපුරත් මින් මුදවා ගත යුතු බවත් මේ ගැන තිත්ත ඇත්ත සත්‍ය කතා කළ යුතු බවත් ඡන්ද ලැබෙනවා කියා වයින් බියර් බලපත්‍ර බෙදා හරියන්නේ නැති බවත් මේ වනවිට ආගමික සිද්ධස්ථාන ළඟ පවා බියර් බලපත්‍ර දෙන බවත් උද්ඝෝෂණ කළත් ඒවා නොතකා මෙවැනි බලපත්‍ර දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හුස්ම වැඩසටහනේ 60 වැනි අදියර යටතේ මහර මල්වතු හිරිපිටිය රෝහලට රු. 1,300,000 ක් වටිනා Mini Autoclav 1 හා Pulse Oximeter 1 පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

කවුරු මොන දේ කළත් වචනයේ පරිසමාප්තියෙන්ම මත්පැන් දුම්වැටි තුරන් කරන බවත් එය කරන්නේ දරු පරපුර සහ මව් පරපුර කේන්ද්‍ර කර ගෙන බවත් ආධාර ලබා දෙන්නෙත් ගෘහණිය කේන්ද්‍ර කර ගෙන බවත් එය පවුලේ දියුණුවට හේතුවක් වන බවත් ඔවුන් වයින් ස්ටෝර්ස් යනවාට වඩා දරුවන්ගේ දියුණුවට එම මුදල් යොදවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේවා කියද්දි ඡන්ද නැති වෙන්න පුලුවන් බවත් හෘදසාක්ෂියට එකඟව කතා කල යුතු බවත් දරුවන්ට නිසි රැකවරණය ලබා දෙන වැඩපිළිවෙළකට යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මැතිවරණ කාලයේ මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි උවදුරෙන් තරුණ පරම්පරාව බැහැර කරන බවත් මතට තිත යනුවෙන් විවිධ ව්‍යාපාර දියත වුවත් පාසල් සමයේ සිටි විවිධ ව්‍යාපෘති හරහා මූලාරම්භයේ සිට හැකිතාක් දුරට අමද්‍යප ප්‍රතිපත්ති ප්‍රගුණ කරන්න කැපවිය යුතු බවත් මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිත නොකරපු කොනකු ලෙස මේවා බැහැර කළ යුතුය යන මතයේ සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මත්පැන් භාවිතයෙන් අක්මාවට බරපතල හානියක් වන බවත් රාගම රෝහලේ අක්මා බද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් මේ නිසා තිත්ත ඇත්ත ප්‍රකාශ කරන්න කාලය එළැඹ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 185ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2043ක් වැය කර තිබේ.

You may have missed