රජයට ජනතා ගැටලුවලට වැඩ කරණ ජනතාවගේ ගැටලුවලට විසදුම් දෙන්න බැරි නම් වහාම ජනවරමකට යා යුතුයි – විපක්ෂ නායක

රජයට ජනතා ගැටලුවලට වැඩ කරණ ජනතාවගේ ගැටලුවලට විසදුම් දෙන්න බැරි නම් වහාම ජනවරමකට යා යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මහබැංකුව හිතුමතේට වැටුප් වැඩි කර ගන්නා විට රජය හිතුමතේට එය අනුමත කරන බවත් මෙය අසාධාරණ බවත් ඒ නිසා වර්ජන සිදුවන බවත් වර්ජනවලින් රටක් ගොඩගත නොහැකි නිසා මේවාට විසදුම් දිය හැකි කණ්ඩායමකට බලය ලබා දිය යුතු බවත් එය තෝරා ගැනිමට ජනතාවට අවස්ථාව ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර හොරොව්පතාන කහටගස්දිගිලිය මුකිරායාව මුස්ලිම් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 186 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහිදි පාසලේ නර්තන කණ්ඩායම සදහා ඇදුම් සපයා ගැනිමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කලේය.

රටේ සමහරු පොරොන්දු විශ්වාස නොකළත් තමාව අවිශ්වාස කිරීමට හේතුවක් නොමැති බවත් ඕනැම විපක්ෂයේ කණ්ඩායමක් අවිශ්වාස වුවත් තමා සහ තමාගේ කණ්ඩායම් ඊට අයත් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අලුත් ගමනක් අලුත් වැඩපිළිවෙළක් අලුත් ක්‍රියාදාමය තුල කියන දේ කරනවා සේම කරන දේ කියන බවත් එය සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට රටේ උසස් අධ්‍යාපනය කඩා වැටෙන මොහොතේ නිදහස් අධයාපනයට මරු පහරක් එල්ල වන බවත් නිදහස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු තිබුණත් පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු නොමැති බවත් මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ජන රැල්ලක් ඇතිව තිබෙන බවත් ඔවුන්ට හිමි වරප්‍රසාද ලබා දෙන්න රජයට හැකියාවක් නොමැති වුවත් ජනතාව අන්දවමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 186ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2055ක් වැය කර තිබේ.

You may have missed