ගංවතුරෙන් පීඩාවට ජනතාවට අඛණ්ඩව සහන…

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ පීඩාවට පත්  ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් පහක් (05) කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, බදුරලිය, ලත්පඳුර හා වළල්ලාවිට යන ප්‍රදේශ වෙතත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශය වෙතත් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, අද  උදෑසන (06) එම ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව කටයුතු කෙරිණි.    

 ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය ප්‍රදේශයේ ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ, බදුරලිය ගංඟාරාම විහාරස්ථානයේ සිට ආගමික කටයුත්තක් සඳහා සංඝරත්නය ප්‍රවාහනය කිරීම සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් ළමුන් පිරිසක් පාසල් වෙත ප්‍රවාහනය කිරීම සඳහා මෙන්ම, බුලත්සිංහල ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් පීඩාවට පත් පාසල් ළමුන් ඇතුළු ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදු කෙරිණි.

තවද, අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත බටහිර නාවික විධානයේ අමතර සහන කණ්ඩායම් විසි තුනක් (23) සහ දකුණු නාවික විධානයේ අමතර සහන කණ්ඩායම් දහයක් (10) නාවික හමුදාව විසින් සූදානමින් තබා ඇත.

You may have missed