අග්‍රාමාත්‍ය පදවි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණය සිහිකර ඉන්දු – ශ්‍රී ලංකා ආශිර්වාද පූජාවක්

අග්‍රාමාත්‍ය ධුරයේ වර්ෂ පූර්ණය සහ කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත් ජනතාවට ආශිර්වාද පතා (09) උදෑසන ඉන්දියාවේ සාරානාත් මූලගන්ධි කුටි විහාරස්ථානයේ පැවති “ශ්‍රී ලංකා – ඉන්දියා ආශිර්වාද පූජා” වැඩසටහනට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.

ඉන්දියානු මහා බෝධි සංගමයේ ප්‍රධානත්වයෙන් ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එක්ව මෙම විශේෂ ආශිර්වාද පූජා වැඩසටහන සංවිධානය කර තිබිණි.

ඉන්දියානු මහා බෝධි සංගමයේ මහ ලේකම් පැලවත්තේ සීවලී නාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි පැවති මෙම විශේෂ “ශ්‍රී ලංකා – ඉන්දියා ආශිර්වාද පූජා” වැඩසටහනට ඉන්දියානු මහා බෝධි සංගමයේ සියලුම විහාරස්ථාන සම්බන්ධ විය.

ඒ අනුව ඉන්දියානු මහා බෝධි සංගමයේ සාරනාත්, ලුම්බිණි, කල්කටා ලක්නව් සහ බුද්ධගයා විහාරස්ථානවල සිට මහා සංඝරත්නය මෙම ආශිර්වාද පූජාවට එක්වූහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු දෙරටේ මහ කොමසාරිස් කාර්යාල ප්‍රධානීහු ද එක්ව සිටියහ.

You may have missed