කිලෝ ග්‍රෑම් 4000ක් වී විනාශ වීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය කළමනාකරුවන්ට විනයානුකූල පියවර

අරලගංවිල වී ගබඩාවේ වී කිලෝ ග්‍රෑම් 4000ක් අබලි වී විනාශ වීම සම්බන්ධයෙන් වගකීම පැහැර හැරීමේ චෝදනාව සම්බන්ධයෙන් අම්පාර හා පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකරුවන්ට විනයානුකූල පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතාට උපදෙස් ලබාදී ඇතිබවට සදහන්වෙයි.

ඒ සම්බන්ධයෙන් දින හයක් ඇතුළත වහාම වාර්තාවක් ලබා දෙන ලෙස වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා අම්පාර ප්‍රාදේශීය කළමනාකාරවරයාට උපදෙස් ලබාදී ඇතිබවටත් සදහන් කරයි.

ගබඩාවේ අබිලි බවට පත්ව තිබෙන වී තොගය අම්පාරට අයත් වී තොගයක් බවත්, 2020 දී වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා වල තිබෙන සියලු පැරණි වී තොග සත්ව ආහාර සඳහා හෝ අලෙවි කිරීමට පියවර ගන්නා ලෙසත් වී අලෙවි මණ්ඩලය සියලුම ප්‍රාදේශීය කළමනාකරුවන්ට උපදෙස් දී තිබිණි.

You may have missed