දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයි

දුම්රිය නියාමකවරුන්ට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මාර්ග කිහිපයක දුම්රිය ගමන්වාර 14 ක් අද(31) දිනයේ අවලංගු කර ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි (ගමනා ගමන) ඒ. ඩී ජී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළහ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක්, මුහුදු බඩ මාර්ගයේ සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය 04 ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 03 ක් සහ උතුරු මාර්ගයේ කුරුණෑගල දක්වා ධාවනය වන දුම්රිය ක්ද අවලංගු කළ බවයි.

මරදාන දුම්රිය අංගනයට අනුයුක්තව සේවය කරන දුම්රිය නියාමකවරුන් 17 දෙනෙකුට කොරෝනා වසංගතය ආසාදනය වීමත් ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇතැයිද සෙනෙවිරත්න මහතා තවදුරටත් පැවසීය.

You may have missed