කොණ්ඩ ජුවාට ඇප – පැහැර ගත් කපු මහතා පොලිස්පති සරණ පතයි.

කොණ්ඩජුවා නමින් හදුන්වනු ලබන සංවිධානාත්මක අපරාධකරු විසින් පැහැරගත් කපු මහතා සිය දරු වනපව්ල සමගින් අද (31) පොලිස්පතිවරයා හමුවීමට පොලිස් මූලස්ථානයට පැමිණ තිබේ. 

තමාව පැහැර ගැනීමෙන් පසු තවමත් තම නිවසට හෝ නොගිය බව එම කපු මහතා පවසයි.

තම දරුවාගේ හිසට ගිණි අවි තබා තර්ජණය කල කොණ්ඩ ජුවා ඇතුළු පිරිසට අධිකරණයෙන් සහන හිමිවෙන ලෙස ( ඇප ) ඌව කුඩාඔය පොලිසියේ නිළධාරින් ක්‍රියාකල බවත් එම ගිණි අවි කිසිවක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය මෙතෙක් අපොහොසත් වූ බැවින් තමාට සහ දරු පව්ලට එල්ල වී ඇති ජීවිත අවධානම 

පිළිබදව සදහන් කරමින් මෙසේ ගරු පොලිස්පතිවරයා හමුවී පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 

මෙම අවස්ථාවට දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතාද සහභාගී විය.

You may have missed