රුපියල් මිලියන 26 ක් වටිනා කේරල ගංජා ගිණිඅවිත් සමග අල්ලයි.

මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ සුදන්දිරපුරම් ප්‍රදේශයේදී සංවිධානාත්මක කල්ලියක් විසින් ගිනිඅවි සමගින් රුපියල් මිලියන 26 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 89 ග්‍රෑම් 200 ක ප්‍රමාණයක් සමගින් සැකකරුවන් 05 දෙනෙකු ඊයේ (30) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

නැගෙනහිර නාවික විධානයට අයත් නාවික නිලධාරීන් පිරිසක් සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඒකාබද්දව සුදන්තිරපුරම් ප්‍රදේශයේමාර්ගයක සිදුකරන ලද හදීසි සෝදිසි වැටලීමකදී යතුරුපැදි තුනක් මගින් කේරල ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටි අවස්ථාවේදී සැකකරුවන් සිව් දෙදෙනෙකු යතුරුපැදි තුනක්ද සමගින් අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව නාවික නිලධාරීන් සහ පොලිස් විශේෂකාර්ය බලකා සෙබලුන් විසින් වැඩිදුර සෝදිසි කිරීමේදී කේරල ගංජා ප්‍රවාහනය කිරීමට පෙර ආරක්ෂාව සෝදිසි කිරීම සඳහා යොදවා සිටි අයෙකු මෙරට නිශ්පාදිත ගිනිඅවියක්ද සමගින් සැකපිට අත්අඩංගුවට ගැනීමටද පියවර ගනු ලැබීය.

මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මුලතිව් ප්‍රදේශයට රැගෙනවිත් මුලතිව් සිට වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීමට සූදානමින් සිටියදී ජාවාරම් කරුවන් මෙලෙස අත්අඩංගුවට පත් වූ බවටද නාවික හමුදාව පැවසීය.

අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 23 ත් 43 ත් අතර වයස්හී පසුවන අතර ඔවුන් මුලතිව් උදයාර් කට්ටු , උදයාර්කට්ටු දකුණ, මූංකිලාරුදකුණ සහ විශ්වමඩු දකුණ ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් සහ කේරල ගංජා තොගයන් සමග යතුරුපැදිද වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පුදුකුඩිඉරිප්පු පොලිස් වසමට ලබාදුන් බවටද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුසංඛ –

You may have missed