අසාධ්‍ය වී ඇති කෘෂිකර්මාන්තයට 43 න් ඔසු

අසාධ්‍ය වී ඇති කෘෂි කර්මාන්තය නම් රෝගියාට හැකි ඉක්මණින් දිය යුතු ඖෂධය වන්නේ ප්‍රමිතියෙන් යුතු පොහොර ගෙනැවිත් ලබාදීම බව 43 සේනාංකය පවසයි.

එහි අනුරාධපුර දිස්ත්‍රික් සමායෝජක තිස්ස විජයකෝන් මහතා සඳහන් කළේ මෙය හරිත කෘෂිකර්මය පිළිබඳ ප්‍රශ්නයක් නොව ඩොලර් ප්‍රශ්ණයක් බවය.

කාබනික පොහොර ව්‍යාපෘතිය රජය විසින් නිසි ලෙස කළමණාකරණය කර නොගත් බවත් මේ මොහොත වනවිට ආණ්ඬුවට මුදල් නොමැති බව ඇතැමුන් පැවසුවද මහ බැංකු අධිපතිවරයා විසින් ඩොලර් සංචිතය ඩොලර් බිලියන 3.1ක් දක්වා වර්ධනය වී ඇති බවට පවසන බැවින් හැකි ඉක්මණින් ලංකාවට ප්‍රමිතියෙන් යුතු රසායනික පොහොර ගෙන්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් තිස්ස විජයකෝන් මහතා පවසා සිටී.  

You may have missed