දේශීය කිරිපිටි මිලත් රුපියල් 20 කින් ඉහළට?

දේශීය කිරිපිටි ග්‍රෑම් 400 යේ පැකට්ටුවක මිල රුපියල් විස්සකින් පමණ ඉහළ යනු ඇති බව පශු සම්පත් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් පවසා ඇත.

ආනයනික කිරි පිටි කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 150කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් ඉහළ දැමුණේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි.

කෙසේවෙතත් කිරිපිටි ආනයනයකරුවන්ගේ සංගමය පවසන්නේ මිල වැඩි කළද වෙළදපොලේ පවතින ආනයනික කිරිපිටි හිඟය තවදුරටත් පවතිනු ඇති බවයි.

You may have missed