15ක ඇමති මණ්ඩලයේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්!

0

වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකරලා තියෙන අධ්‍යනයක් යටතේ අමාත්‍යාංශ 15කින් සමන්විත ඇමති මණ්ඩලයක ආකෘතියක් නිර්මාණය කර තිබෙනවා කියලා මේ කියවන ගොඩක් දෙනෙක් දැන් දන්නවා ඇති.

මේ ආකෘතිය අපි මීට සති දෙකකට විතර කලින් ජාතික ජන බලවේගයේ කමිටු සාමාජිකයන්ටත්, සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසටත් ඉදිරිපත් කළා.

ඒ වෑයමේ තවත් දිගුවක් හැටියට ගිය සතියේ අපිට පුළුවන් වුනා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුල් පෙල සාමාජිකයෙක් වගේම රටේ අගමැතිවරයා ද, වෙන දිනේෂ් ගුණවර්ධනවත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්නට.

ජාතික ජන බලවේගයේ නියෝජිතයන් සහ විපක්ෂ නායකවරයා වගේම ඔවුන් දෙපළත්, මේ ආකෘතිය සහ ඒ යටතේ ඉදිරිපත් කරන නිර්දේශ ගැන දැක්වූයේ යහපත් ප්‍රතිචාරයක්.

ඉදිරියේ දී, තවත් දේශපාලන පක්ෂවල සාමාජිකයන් හමුවෙලා ඔවුන්වත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්නට අප සැළසුම් කර තිබෙනවා.

අපේම නිර්දේශ හෝ අපේ පණිවිඩය පදනම් කරගත්තු නිර්දේශ ඉදිරි මැතිවරණයක ප්‍රතිපත්ති ප්‍රකාශයකින් රටට ඉදිරිපත් වෙලා, බලයට පත්වෙන කවර හෝ ආණ්ඩුවක් යටතේ ක්‍රියාවට නැංවෙන හැටි දකින බලාපොරොත්තුවක් අපට තිබෙනවා. ඔබට කොහොමද?

👉 පුටු 15ක ඇමති මණ්ඩලයක ආකෘතියක් නිර්මාණය කරන්නට තුඩු දුන්නු හේතු කාරණා මේ ලින්ක්වල තියෙන පෝස්ට්වල දක්වලා ඇති. බලන්න.

1️⃣ https://web.facebook.com/ManthriLK/posts/pfbid05VP3g2RBBj9eR7HqpCef3e3xUtYsys8e3mBkFWiLZGhStN87wMwVAM4wGz5tAstUl

2️⃣ https://web.facebook.com/ManthriLK/posts/pfbid02axQfiMN9osV4Cc35zjJfiUFx8N5wxVgd4tS1PjcHpLQBvgcC3rYb3hMZKvV7mjCel

3️⃣ https://web.facebook.com/ManthriLK/posts/pfbid02V5g1N2bKJESE1QKTdAoVL6cLnqvqMTT3d6FXjf28gT3c8beKBZVBhXodmRf1xh8Sl

4️⃣ https://web.facebook.com/ManthriLK/posts/pfbid02LBsfp4crSm7omZbdFoWBcCtcjxnUbxFXNheD8haKVte7eqGB4BJWwUL9SqZE1z8Dl

Ruwan Wijewardene Dinesh Gunawardena දිනේෂ් ගුණවර්ධන Sri Lanka Podujana Peramuna United National Party #SriLanka #SriLankaNews

Leave a Reply

You may have missed