ක්‍රමයේ වෙනසක් සිදු කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය නැහැ – විපක්ෂ නායක

0

දූපත් මානසිකත්වයේ සිට අපි තමයි හොඳ, අපි තමයි හොඳටම කළේ, හොඳම දේ දරුවන්ට යැයි කිය කිය ජය වේවා කිය කිය සිටීමෙන් රටටත් පුරවැසියන්ටත් සෙතක් නොවන නිසා මේ ක්‍රමය වෙනස් විය යුතු බවත් බොරු මාක්ස්වාදී, කොමියුනිස්ට්වාදී, ෆැසිස්ට්වාදී, අන්ත සමාජවාදී නායකයන්ට නොරැවටෙන ලෙසත් ඔවුන් රජයේ පාසල්වල දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් පරිගණක අධ්‍යාපනය ලබා දීමට අකැමැති වුවත් ඔවුන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර විශ්වවිද්‍යාවල හා පෞද්ගලික විශ්වවිද්‍යාවල ඉගෙන ගන්නා බවත් එහෙත් රටේ අනෙකුත් දරුවන්ට සහ තරුණයන්ට ඒවා අකැප වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මේ අවස්ථාවේ රටට අවශ්‍ය වැඩ කරන නායකයන් බවත්, කයිය නායකයන්, සෝබන නායකයන් ලස්සන වචන කියමින් මනස සනසන නායකයන්ගෙන් රටට වැඩක් නොමැති බවත් ක්‍රමයේ වෙනස් සිදු කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය නොවන බවත් සමගි ජන බලවේගය ක්‍රම දෙකකින් ජනතාව ඉල්ලා සිටි ක්‍රමයේ වෙනසක ඇති කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 167 වැනි අදියර යටතේ අද හම්බන්තොට බෙලිඅත්ත ඕකෙවෙළ උතුරු කණුමුල්දෙණිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

එක වරක් බොරුවකට රැවටි රටම බංකොලොත් වී ඇති මේ වන විට ඇ. ඩොලර් බිලියන 100කට වඩා අපි දේශීය හා විදේශීයව ණය වී ඇති බවත් මින් ගොඩ ඒමට නම් තොරතුරු තාක්ෂණ අධ්‍යානය, දැනුම පදනම් කර ගත් අධ්‍යාපනයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

76 වසරක ඉතිහාස තුළ විපක්ෂයේ සිට වැඩක් කළ එකම පක්ෂය සමගි ජන බලවේගය බවත් වෙන කිසිදු විපක්ෂයක් ජනතාව වෙනුවෙන් මේ තරම් වැඩ කොටසක් ඉටු නොකළ බවත් එසේ වැඩ නොකළ අය සිස්ටම් චේන්ජ් කරනවා යැයි කීම විහිළුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ෆයිල් මිටි උස්සන් බලය ඉල්ලන්නේ නැතිව විපක්ෂයේ සිට අපි හොරු ඇල්ලුවා

ෆයිල් මිටි උස්සා ගෙන ආණ්ඩු බලයට ආ පසු හොරු අල්ලා නීතිය හමුවට ගෙන එන බවට කයිය නායකයෙක් කියා සිටියත් සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපය සහ නීති මණ්ඩලය විසින් මේ රට බංකොලොත් කළ නායකයන්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් දමා හොරු අනාවරණය කළ බවත් හොරු අල්ලන්න බලය අවශ්‍ය නොවන බවත් උවමනාවක් තිබේ නම් විපක්ෂයේ සිට වුවත් එය සිදු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කතිරය ගහන්න පෙර දරුවන් ගැන සිතන්න

දරුවන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල නොගැන්වීම, අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීම දරුවන්ගේ සහ දෙමාපියන්ගේ වරද නොව පාලකයන් සහ පාලකයන් පත් කරන දෙමාපියන්ගේ බවත් සිංහල පමණයි දමිළ පමණයි කියන විට කතිරය ගහන්නේ 41 ලක්ෂයක් දූදරුවන්ගේ අනාගතය ගැන සිතා ද කියා ප්‍රශ්න කරන බවත් ඡන්ද මල්ල වෙනුවෙන් මෙසේ කිව්වත් ඇත්ත කතාව වන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනයේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව අඩු වීම බවත් එය ඉහළ ගෙන යාමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් රැල්ලට ගියා ඇති

ක්ෂේත්‍ර කිහිපයක් හැරුණු විට බහුතරයක් උපාධිධාරීන්ට රැකියා නොමැති බවත් එයට හේතුව අධ්‍යාපනයේ ඇති ගැටලුව බවත් පෞද්ගලික පාසල්වල දරුවන්ට මෙම ගැටලු නොමැති බවත් මේ වරද නිවැරදි කළ යුතු බවත් රැල්ලට යන ගමන දැන්වත් නතර කළ යුතු බවත් දරුවන් ගැන අනාගතය ගැන සිතා කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 167 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1831ක් වැය කර තිබේ.

Leave a Reply

You may have missed