ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා දැවැන්ත සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කෙරේ

0

ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය 2024 අප්‍රේල් 30 වැනි දිනට යෙදී ඇත. ශාරීරික හිංසන ළමා අපයෝජන අතරින් ඉහළින්ම වාර්තාවන අතර, සෑම වසරකම ලොව පුරා ළමුන් බිලියන 1.3කට වඩා කායික හිංසනයට ලක්වේ. 2017 වසරේදී දකුණු ආසියාතික රටවල් අතරින් දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමට මූලිකත්වය ගත් පළමු රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාවට ගෞරවය හිමි වුව ද තවමත් ශ්‍රී ලංකා රජය හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) මෙම දිනයේ වැදගත්කම හඳුනා ගෙන නැත. කණගාටුවට කරුණ නම්, තිරසර සංවර්ධන ඉලක්කය 16.2 යටතේ එකඟ වූ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ ජාතික සැලැස්ම (NPEVAC) 2018 වන විටම බිඳ වැටීමයි.
මින් වසර දෙකකට පෙර #NOගුටි ක්‍රියාන්විතය ආරම්භ වූයේ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙසිනි. #Noගුටි 2.0 යනු යෝජිත දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ශාරීරික දණ්ඩනය විවාදයකින් තොරව තහනම් කිරීමේ අරමුණ පෙරදැරිව අප්‍රේල් පළමුවනදා සිට තිස්වනදා දක්වා සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වන දැවැන්ත ව්‍යාපාරයකි.
ළමා හිංසනයට තිත පදනම (SCCT) සහ ළමා ආරක්ෂණ සන්ධානය (CPA), ඇතුළු සමාජ ක්‍රියාකාරීන් 20 දෙනෙකුගේ පමණ සහායයෙන් යුක්තව යෝජිත දණ්ඩ නීති සංග්‍රහය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරවීම වෙනුවෙන් කැපවී කටයුතු කරයි.
ළමා ආරක්ෂණය ශ්‍රී ලංකාවේ ජාතික අර්බුදයකි. පසුගිය වසර දහය තුළ NCPA වෙත වාර්තා වූ ළමා හිංසන/ශාරීරික අපයෝජන සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි වී ඇත. 2017 දී NCPA විසින් ශ්‍රී ලංකාවේ පාසල්වල ක්‍රියාත්මක කරන ලද ළමා විනය පාලන ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනයකින් පුදුම සහගත ලෙස හෙළි වූයේ සිසුන්ගෙන් 80%ක් එක් පාසල් වාරයක් තුළ අවම වශයෙන් එක් වරක් හෝ ශාරීරික දඬුවම්වලට ලක්වන බවත්, 53%ක් ශාරීරික අපයෝජනයට සහ 72.5%ක් මානසික හිංසනයට ලක්වන බවත්ය. ගුරුවරුන්ගෙන් 61.9%ක් අවම වශයෙන් එක් වතාවක් හෝ ශාරීරික දඬුවම් භාවිතා කළ බව තමන් විසින්ම පිළිගෙන ඇත. එම වාර්තාවේ සඳහන් වූ නිර්දේශ 18න් කිසිවක් අදාළ බලධාරීන් විසින් මේ වන තුරු ක්‍රියාත්මක කර නොමැත. දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය හීන වීම නිසා අධ්‍යාපන, සෞඛ්‍යය, නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ යුක්තිය හා සමාජ සේවා යන අංශ වෙත අද වන විට දැඩි පීඩනයක් එල්ල වී ඇති බව පෙනී යයි.
ළමා හිංසනයට තිත පදනමේ සභාපතිනී, ළමා ආරක්ෂණ සන්ධානයේ සම කැඳවුම්කාරිණිය වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පෙන්වා දෙන පරිදි ශාරීරික දඬුවම් තුරන් කිරීමට අදාළ සුවිශේෂ ජයග්‍රහණ කිහිපයක් පසුගිය වසර කිහිපය පුරා හිමිකරගෙන ඇත. “2021 පෙබරවාරි මාසයේ දී, අංක: SC/FR/97/2017 දරණ නඩු තීන්දුව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන් අතර එයින් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ (UNCRC) ශාරීරික දඬුවම් පිළිබඳ නිර්වචනයට එකඟ වෙමින් එම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන පරිදි යෙදී ඇති දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ඉවත්කිරීමට නියෝග ලබා දුන්නේ ය. තවද, ශාරීරික දඬුවම් තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛ 12/2016 මඟින්ද සමාජයේ මෙතෙක් භාවිතයේ පැවති යල් පැනගිය දඬුවම් ක්‍රම සම්බන්ධයෙන් පැවති ආකල්ප වෙනස් කිරීමට යම් තරමකට හැකි වූ බව”, වෛද්‍ය වික්‍රමනායක මහත්මිය සඳහන් කළා ය.
2024 ජනවාරි පළවන දින අතිවිශේෂ ගැසට් නිවේදයක් මඟින් ළමා හා තරුණ පුද්ගලයින් පිළිබඳ පනතේ සංශෝධන ප්‍රසිද්ධියට පත්කරන ලදී. එහි ප්‍රධාන අංශ දෙකක් වූයේ දරුවා පිළිබඳ ජාත්‍යන්තර නිර්වචනයට එකඟව ළමයෙකු වශයෙන් සැලකෙන වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ නැංවීම සහ ශාරීරික දඬුවම් පිළිබඳව සඳහන් 76 (1) වගන්තිය තහනම් කිරීමයි. 2018 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් කමිටු සැසිවාරයේදී මූලික වශයෙන් “බරපතල හා හදිසි” කරුණු ලෙස සලකා ඉදිරිපත් කරන ලද පංච නිර්දේශ අතරින් රාජ්‍යයට සෘජුවම වගවීමට ඇති ප්‍රධානම කරුණ ලෙස නම් කරන ලද්දේ ශාරීරික දඬුවම් ඇතුළුව දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තහනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීම යි.
“වසර ගණනාවක් බහුවිධ පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් සහ අධීක්ෂණයෙන් සකස් කරන ලද ශාරීරික දඬුවම් තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවේ කෙටුම්පත 2023 සැප්තැම්බර් 15 වන දින අධිකරණ අමාත්‍යංශයේ ලේඛම්වරයා වෙත ලබා දී ඇතත්, කිසිදු පිළිගත හැකි සාධාරණ හේතුවකින් තොරව අධිකරණ අමාත්‍යවරයා විසින් එය කැබිනට්ටුවට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් අදාල පාර්ශව කරුවන් දැඩි කලකිරීමකට පත්ව සිටියි. #NOගුටි 2.0 යනු අනාගතයේ සැබෑ හිමිකරුවන් වන අපගේ දරුවන්ට ප්‍රචණ්ඩත්වයෙන් තොර නව යුගයක් උදාකිරීම සඳහා වන අවසාන බාධකය ජයගැනීමේ අරමුණින්, එනම්, කැබිනට් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවීම සඳහා සියලුදෙනා එක්ව දරන සාමූහික ප්‍රයත්නයක්” බව වෛද්‍ය වික්‍රමනායක මහත්මිය අවසාන වශයෙන් සඳහන් කර සිටියාය. www.stopchildcruelty.com ඔස්සේ ඔබට වැඩිදුර තොරතුරු ලබාගත හැකි ය.

NOගුටි 2.0 – ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා දැවැන්ත සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කෙරේ

Leave a Reply

You may have missed