‘Industry EXPO 2024’ ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය ජුනි 19 – 23 දක්වා BMICH හිදී පැවැත්වේ

0

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මගපෙන්වීමෙන් අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කරා
රට මෙහෙයවීම වෙනුවෙන්,කර්මාන්ත අමාත්‍යංශය , ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හා එක්ව පවත්වන Industry EXPO 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය ජුනි 19 වෙනිදා සිට 23 වෙනිදා දක්වා දින 5 ක් පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙයි.

මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 21 ක දකුණු ආසියාවේ අද්විතීය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දැවැන්තම ජාත්‍යන්තර ප්‍රදර්ශනය ලෙසින් ක්‍රියාත්මක Industry EXPO 2024 ජාත්‍යන්තර ප්‍රදර්ශනයට ප්‍රදර්ශන කුටි 1300 කට අධික ප්‍රමාණයක් අන්තර්ගත වෙයි. නවෝත්පාදන , නව තාක්ෂණය සමගින් නව කර්මාන්ත රැසක නවාංගයන් Industry EXPO 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේදී දැකගත හැකි වන අතර නවෝත්පාදනයන් සදහා වෙනම පරිශ්‍රයක්ද අන්තර්ගත කොට තිබෙයි. එමෙන්ම විදේශීය ගැනුම්කරුවන් විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය හා එක්වීමට මේවනවිටත් සැලසුම් කොට තිබෙයි.

ප්‍රදර්ශනයට සමගාමීව මෙරට තුළ දේශීය වාහන එකලස් කිරීමේ 25 කට අධික ආයතනවල සහභාගිත්වයෙන් ඔවුන් දේශීයව එකලස් හා නිෂ්පාදනය කරන වාහන අන්තර්ගත ‘ ජාතික රථවාහන පෙරහැර ( National Vehicle Parade ) ජුනි 18 වෙනිදා ගාලු මුවදොර පිටියෙන් ආරම්භව BMICH පරිශ්‍රය දක්වා පැවැත්වීමට නියමිත වෙයි.

එමෙන්ම ප්‍රදර්ශනයට සමගාමීව ජුනි 20 සහ 21 දෙදින පුරා BMICH හිදී තිරසාර හරිත කර්මාන්ත සංස්කෘතියක් ප්‍රවර්ධනය උදෙසා පළමු ජාත්‍යන්තර සමුළුව ලෙසින් Green Industry Initiative for Sustainable Industrial Development ක්‍රියාත්මක කෙරෙන අතර තිරසාර හරිත කර්මාන්ත උදෙසා Industry Green Awards සම්මාන උළෙල පැවැත්වීමටද නියමිත වෙයි.

එයට අමතරව IDB මගින් ක්‍රියාත්මක පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව , IDB Digital One Stop , Ceylon Plaza , Industry ණය යෝජනා ක්‍රමය , SEDA Startup , SEDA Scaleup, ඇතුළු බොහෝ වැඩසටහන් රැසක් ප්‍රදර්ශන දින 5 පුරාවටම ප්‍රවර්ධනීය ලෙසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වෙයි.

සියළු අමාත්‍යංශ ප්‍රමුඛ බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දායකත්වයෙන් හා සහභාගිත්වයෙන් ක්‍රියාත්මක Industry EXPO 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය කර්මාන්ත ගැන ලෝකයේ යාවත්කාලීන වූ නව දැනුම දැනුවත් වෙමින් නව ව්‍යාපාරික අවස්ථා දකිමින් , නව ආයෝජකයන් සහ ආයෝජන අවස්ථා හදුනාගනිමින් නිෂ්පාදන කර්මාන්තයන් ආරම්භ කිරීමට , ව්‍යවසායකයන් වීමට කැමති ශ්‍රී ලාංකේය සැමට මෙය මහගු අවස්ථාවක් වනු ඇත. එමෙන්ම සියළු කර්මාන්තකරුවන්ට සහ ව්‍යවසායකයින්ට මෙම ප්‍රදර්ශනයේ කොටස්කරුවන් වීමත් මහත් ප්‍රතිලාභ අත්කර දෙනු ඇත. එනිසා මෙම අවස්ථාව මගනොහැරගෙන එහි කොටස්කරුවන් වීමට සියළු කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින්ටත් , ඊට සහභාගි වන ලෙසට සියළු ලාංකිකයන්ටත්, ආරාධනා කරන අතර එය ආර්ථිකව සමෘද්ධිමත් කර්මාන්ත රටක් වෙනුවෙන් ප්‍රමුඛ එළඹුමක් වනු ඇත.

දිනේෂර පුංචිහේවා
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යංශය

Leave a Reply

You may have missed