ශ්‍රී ලංකා බේස්බෝල් නව ප්‍රධාන විධායක තීක්ෂණ ගම්මන්පිල…

0

ශ්‍රී ලංකා බේස්බෝල් සොෆ්ට් බෝල් සංගමයේ නව ප්‍රධාන විධායකවරයා ලෙස තීක්ෂණ ගම්මන්පිල මහතා පත් කොට තිබේ.

ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායමේ හිටපු උපනායකයෙකු ද වන ගම්මන්පිල මහතා, බේස්බෝල් ජාතික තේරීම් කමිටුවේ කීර්තිමත් සාමාජිකයෙකු ද වෙයි.

ඔහු මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර රණබිම රාජකීය බේස්බෝල් සමාජයේ දක්ෂතම ක්‍රීඩකයෙකි.

#SriLanka #Sports

Leave a Reply

You may have missed