පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයේ නියැලි උපාධිධාරීන් හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යයි.
![](https://sripuvath.com/wp-content/uploads/2023/11/WhatsApp-Image-2023-11-20-at-15.37.52_d9954109-1024x749.jpg)
අවස්ථා ගණනාවක දී ක්‍රියාත්මක වූ උපාධිධාරීන් 60000ක් බඳවා ගැනීමේ වැඩසටහනේදී රජයේ නිලධාරීන්ගෙන් සිදුවූ අතපසුවීම් සහ අඩුපාඩුකම් තුළ උපාධිධාරින් 465 දෙනකුට රැකියා අහිමි වී දැනට වසර කිහිපයක් ගත වී ඇති බවත් මේ සම්බන්ධයෙන් තමා දිගින් දිගටම පාර්ලිමේන්තුවේත් උපදේශක කාරක සභා තුළත් විෂය භාර අමාත්‍යවරයාව දැනුවත් කළ බවත් එහි දී විෂය භාර අමාත්‍යවරයා ලෙස අගමැතිවරයා පවා මෙය අවසන් කරන බවට ප්‍රකාශ කළත් තවමත් මෙම ගැටලුව විසඳී නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නිලධාරින් කිහිප දෙනකු අතින් සිදුවූ අඩුපාඩුවක් නිසා මෙම උපාධිධාරීන්ට රැකියා අහිමි වි ඇති බවත් මේ සඳහා වගකිව යුත්තන් මොවුන්ට ලබා දිය යුතු රැකියා ලබා නොදී හිතාමතාම මොවුන්ගේ ජීවිත විනාශ කිරීමේ වැඩසටහනක් දියත් කරන බවත් එය පහත් සහ අසාධාරණ ක්‍රියාවක් බවත් මේ නිසා මොවුන්ගේ මානව අයිතීන් පවා උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ නිලධාරීන්ගේ අතපසුවීම් තුළින් රැකියා අහිමි වූ උපාධිධාරින් 465 දෙනකු අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්න මාර්ගයේ උද්ඝෝෂණයක යෙදී සිටින ස්ථානයට ගොස් ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලූ අවස්ථාවේදීය. මෙම ස්ථානයට යාමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී මේ ගැටලුව අද දිනයේ ඉදිරිපත් කිරීමට ද කටයුතු කළේය. එසේම හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ දී නැවතත් මේ ගැටලුව ඉදිරිපත් කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
![](https://sripuvath.com/wp-content/uploads/2023/11/WhatsApp-Image-2023-11-20-at-15.37.52_7a3c1def-1024x429.jpg)
![](https://sripuvath.com/wp-content/uploads/2023/11/WhatsApp-Image-2023-11-20-at-15.37.52_d9954109-1-1024x749.jpg)
![](https://sripuvath.com/wp-content/uploads/2023/11/WhatsApp-Image-2023-11-20-at-15.37.55_e053151f-1024x771.jpg)
![](https://sripuvath.com/wp-content/uploads/2023/11/WhatsApp-Image-2023-11-20-at-15.37.51_e28e408d-1024x814.jpg)
![](https://sripuvath.com/wp-content/uploads/2023/11/WhatsApp-Image-2023-11-20-at-15.37.52_7a58f30b-1024x622.jpg)
![](https://sripuvath.com/wp-content/uploads/2023/11/WhatsApp-Image-2023-11-20-at-15.37.53_9c5fa452-1024x594.jpg)
![](https://sripuvath.com/wp-content/uploads/2023/11/WhatsApp-Image-2023-11-20-at-15.37.54_8d3cd8b3-1024x637.jpg)
![](https://sripuvath.com/wp-content/uploads/2023/11/WhatsApp-Image-2023-11-20-at-15.37.53_f83e31ad-1024x728.jpg)
![](https://sripuvath.com/wp-content/uploads/2023/11/WhatsApp-Image-2023-11-20-at-15.37.55_70718a3e-1024x682.jpg)