ජවිපෙට තියෙන්නේ භයංකාර ආර්ථික ප්‍රතිපත්තියක්…..

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ කුමන්ත්‍රණයකින් බවත් ඒ ගැන ජාත්‍යන්තරය පවා දැනුවත් බවත් සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. ඔහු කියන්නේ අද රටේ සියලු ක්ෂේත්‍ර කඩා වැටී ඇති බවයි.

“ජනතාව ජීවත්වීමේ සටනක යෙදෙනවා. මේ කුමන්ත්‍රණකාරි ආණඩුව පලවා හැරීමට ජනතාව මඟ බලාගෙන ඉන්නවා. අද රටේ රහස් ඔත්තු සේවාවේ ප්‍රධානියට පවා චෝදනා එල්ල වෙලා. රටට, ජනතාවට වග කියන ආණ්ඩුවක් රටේ නැහැ. මේ නිසා මේ රටට වග කියන පාලනයක් අද අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ පාලනය භාර ගන්න සමගි ජන බලවේගය සූදානම්.

අද පොදුජන පෙරමුණට ගමට යන්න බැහැ. එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරලා වැඩක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ භයංකාර ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරන විට එක ඡන්දයක්වත් හිමි වෙන්නේ නැහැ. ඉදිරියට එන්නේ මැතිවරණ වර්ෂයක්. අපි ඕනෑම වෙලාවක මැතිවරණයකට ලැහැස්තියි. ජනතාව අපට සහාය දෙන්න සූදානමින් සිටිනවා” යැයි ඔහු පවසනවා.

You may have missed