නීතීයේ ආධීපත්‍ය නොසලකා හැරිය නිසයි රට කඩන් වැටුණේ……

පාරිහෝගිකයා ආරක්ෂා කිරීම සඳහා වත්මන් පාරිහෝගික අධිකාරී පනත සංශෝධනය කළ යුතු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා. ඔහු චෝදනා කරන්නේ, පාරිභෝගික අධිකාරියේ ඇතැම් නිලධාරීන් දූෂිත බවයි.

“සමාගම් 4ක තේ පැකට් මිලදීගෙන ඩයි දාලා කියලා පාරිභෝගික අධිකාරියට කිව්වා. ඒක දීලා එළියට එන්න කලින් සමාගම් 2ක නීතිඥයින් මට කතා කළා. මගේ පැමිණිල්ල ගැන කවුද කිව්වේ ?. අධිකාරිය හැර වෙන කෙනෙක් දන්නෙ නැහැ. නිලධාරීන්ට සමාගම් ගෙවීමක් කරනවා ඇති. නීතියේ ආධිපත්‍යය නොසලකා හැරිය නිසයි රට කඩන් වැටුණේ. පාරිභෝගික අධිකාරී පනත ප්‍රමාණවත් නැහැ. අලුත් පනතක අවශ්‍යතාව අවධාරණය කරනවා”යෑයි අධිකරණ අමාත්‍යවරයා කියා සිටියා

You may have missed