දැන්වත් විධිමත් පරීක්ෂණයක් කරන්න….

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂයකු ලෙස එවක කාදිනල්තුමා ඇතුළු බහුතරයක් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරතැයි කියන විශ්වාසය මත ගෝඨාභය රාජපක්ෂව බලයට ගෙන ආ බව විපක්ෂනායක සජීත් ප්‍රේමදාස පවසනවා. මේ වන විට විදෙස් ගවේෂණයක් හරහා පාස්කු ප්‍රහාරයට මුල් වූ මහ මොළකරුවන් සම්බන්ධයෙන් සුවිශේෂි අනාවරණයක් සිදුව ඇති බවයි ඔහුගේ අදහස වන්නේ.

“මෙරට පාලකයන් විදෙස් අනාවරණයන් සම්බන්ධයෙන් සත්‍ය සෙවීමට කටයුතු නොකිරිම ගැන මම කණගාටු වෙනවා. ඒ සම්බන්ධ වගකිව යුතු මහමොලකරුවන් සෙවීම මෙරට දී සිදුකළ නොහැකියි. ඒ සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි.

කාදිනල්තුමා විසින් මට විරුද්ධව ඡන්දය ලබා දෙන ලෙස එවක පැවසීම සම්බන්ධයෙන් මම අදත් කණගාටු වෙන්නේ නැහැ. උන්වහන්සේ එසේ කිව්වේ පාස්කු ප්‍රහාරය නිසා ඇති වූ වේදනාවට. එම වේදනාව කතෝලික ප්‍රජාව තුළ අදටත් තිබෙනවා. කාදිනල්තුමාට මෙන්ම කතෝලික ප්‍රජාවට අපහාස නොකර වහාම මේ සම්බන්ධයෙන් විධිමත් ජාත්‍යන්තර පරීක්ෂණයකට යා යුතුයි.

බලයට එන්න පාස්කු ප්‍රහාරය යොදා ගත්තා. ඒ කාලේ මැතිවරණ වේදිකාවල කතානායකවරයා ඇතුලු පොහොට්ටුවේ හැමෝම කතා කළේ ඒ ගැන. එසේ කතා කළත් අදටත් යුක්තියක් ඉටු නොවූ නිසා තවදුරටත් කාදිනල්තුමාටත් කතෝලික ප්‍රජාවටත් අපහාස නොකර ඒ සඳහා විධිමත් පරීක්ෂණයකට යා යුතුයි” විපක්ෂනායකවරයා පවසනවා.

You may have missed