ප්‍රදීප් ජයවර්ධන මහතා ජනපතිගේ ක්‍රියාමාර්ග අගය කරයි….

රටේ අභියෝගාත්මක කාලසීමාවක මෙන්ම අර්බුදයට විසඳුම් සොයමින් සිටින අවස්ථාවක ජේ. ආර්. ජයවර්ධන සමරු උත්සවය පවත්වන බව ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලක මණ්ඩල සභික මෙන්ම ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජ්‍යෙෂ්ඨ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන පවසනවා. ඔහු මේ බව පැවසුවේ ජේ.ආර්. ජයවර්ධන 117 වන ජන්ම දින සැමරු උත්සව සභාව අමතමින්.

“අද පවතින අර්බුදකාරී තත්ත්වයට වගකිව යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය කියා අද සමාජයේ ඇතැම් පාර්ශ්ව කථා වෙනවා. එක ආණ්ඩුවක් හැරෙන්න අනිත් සියළුම ආණ්ඩුවලට සිය ධුර කාලය සම්පූර්ණ කරගන්න හැකියාව ලැබුණේ මෙම විධායක ජනාධිපති ක්‍රමය නිසයි. විධායක ජනාධිපති ක්‍රමය නිසා තමයි උතුරේ යුද්ධය අවසන් කරන්න හැකි වුණේ. ඒ වගේම රටේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් හැකියාව ලැබුණා.

අද රටේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිමට වත්මන් රජයට හැකියාව ලැබී තිබෙනවා. ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා නිර්භීත තීන්දු අප අගය කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට අප සම්පූර්ණ සහය ලබාදෙනවා. එතුමාට විධායක බලය තිබෙනවා. එනිසා රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිතුමාට සියලු දෙනාගේ සහාය හිමි විය යුතුයි” ප්‍රදීප් ජයවර්ධන මහතා පවසනවා.

You may have missed