මැතිවරණය වෙනුවෙන් නව ක්‍රමයක් සකස් කරන්න..

නාම යෝජනා බාර ගත් දා සිට ඡන්දය දිනය තෙක් කාලය අඩු කර ගැනීම සඳහා ක්‍රමවේද සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මැතිවරණ කොමිසමට උපදෙස් දී තිබෙන බව වාර්තා වෙනවා. යුරෝපය ඇතුළු දියුණු මැතිවරණ ක්‍රම පවතින රටවල ආදර්ශ ලබා ගනිමින් මෙම ක්‍රමවේදය සකස් කරන ලෙසයි ඔහු මෙම උපදෙස් දී ඇත්තේ. ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල්. රත්නායක ඇතුළු මැතිවරණ කොමිසමට දුන් උපදෙස් වල මේ බව සඳහන් වෙන බවයි කියන්නේ.

ශ්‍රී ලංකාව මැතිවරණ පැවැත්වීම සඳහා වැඩිම කාලයක් ගන්නා රටක් නිසාත් මැතිවරණ කාලය දිගු වීමෙන් අනවශ්‍ය ලෙස වියපැහැදම් වන මුදල් කන්දරාව පිළිබඳවත් අවධානය යොමු කර ඇති බවයි ජනාධිපති ලේකම්වරයා පවසා ඇත්තේ. මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසු සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම ඒ සඳහා කාලය, ශ්‍රමය මෙන්ම මුදල් ද වැය කරන බැවින් එය රටේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාමට බාධාවක් බව ඔහු ප්‍රකාශ කළේය.

You may have missed