ශ්‍රීලනිප තනතුරු ගණන ඉහලට

ආණ්ඩුවේ ඇමතිකම් දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් නැවත පක්ෂය සමඟ සම්බන්ධවීම හේතුවෙන් පක්ෂයේ තනතුරු ගණන වැඩි කර තිබෙනවා.

ඒ අනුව පක්ෂයේ මිට පෙර සිට ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් හතර දෙනාගේ ගණන වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස පත්කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ෂාන් විජයලාල් ද සිල්වා, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ලෙස්ලි දේවින්ද්‍ර, ෆයිසර් මුස්තාපා , අංගජන් රාමනාදන් සහ දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුනුයි.

කෙසේ වෙතත් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස මීට පෙර කටයුතු කළ අතර ඔවුන් ආණ්ඩුවට එකතු වීම හේතුවෙන් එම තනතුරුවලින් ඉවත් කරනු ලැබුවා.

මේ අතර පක්ෂයේ උප සභාපතිවරුන් ගණන 10 සිට 12 දක්වා ද උප ලේකම්වරුන් ගැන 8 සිට 10 දක්වා වැඩි කර තිබෙනවා.

You may have missed