රාජ්‍ය ව්‍යාපාරවලට මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොදීමට තීරනයක්…..

රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා මහා භාණ්ඩාගාරයෙන් තවදුරටත් මුදල් ලබාදිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මුදල් අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් ඊට අදාළ කරුණු සොයා බලමින් සිටින බවයි ඔහු කියන්නේ.

“රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියන කාරණය අපි ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලය එම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අනුමැතිය ලබාදීම සිදුකරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය යටතේ ඒ සඳහා වෙනම ඒකකයක් පිහිටුවලා ඒ ඒකකයේ නිලධාරීන් මේ වෙනකොට ප්‍රතිව්‍යුහගතකරණයේ සුදුසුම ක්‍රමවේදය පිළිබඳ අධ්‍යනය කරනවා සහ සාකච්ඡා කරනවා අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ.

අපි රටක් හැටියට ඉදිරියට යනවානම් අපිට තවදුරටත් රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්න මහා භාණ්ඩාගාරය විසින් මුදල් ලබාදීමක් සිදුකරන්න බැහැ. දෙවන කාරණය තමයි අනාගතයේ ඇතිවන අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන්ට ඔරොත්තු දෙන්න පුළුවන් රාජ්‍ය ව්‍යාපාර වෙනස් විය යුතුයි. ඒ අනුව අපි රාජ්‍ය ව්‍යාපාර ක්‍රම කිහිපයකට ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඒ හැම ප්‍රතිව්‍යුහගතකරණයක් පිළිබඳවම පාර්ලිමේන්තුව දැනුවත් කරනවා” යි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

You may have missed