සිගරට් මිල වෙනස්වෙයි ?

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම සඳහා වන කැබිනට් පත්‍රිකාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීන් සමග ඊයේ (29) සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇත.

නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් දුම්වැටි භාවිතය අවම වනු ඇතැයි, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

මෙම බදු ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත මේ වනවිට සකස්කර ඇතැයි ද , දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා එහිදී පවසා තිබෙනවා.

You may have missed