වැඩියෙන්ම අලි මියයන්නේ ලංකාවේ

අලි මිනිස් ගැටුම් නිසා ලොව වැඩිම අලින් මියයන රට ලංකාව බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කියයි.

ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය පවසන්නේ, අලි මිනිස් ගැටුම් හෙතුවෙන් ලොව දෙවැනියට වැඩි ම මිනිස් ජීවිත ප්‍රමාණයක් විනාශ ව‍න්නේත් මේ රටේ බවයි. එමෙන්ම මෙම ගැටුම් හෙතුවෙන් අවම තරමින් සතියකට මිනිස් ජීවිත දෙකක් පමණ අහිමි වන බව වැඩිදුරටත් පෙන්වා දෙයි.

එහෙයින් විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොර ව මෙම ගැටළුව නිරාකරණය කිරීමට දරණ උත්සාහයන් මේ තත්ත්වය තවත් බරපතළ කර ඇත. ගැටුම්කාරී වන අලින් කුඩා බිම් කොටසකට කොටුකර ඒ වටා විදුලි වැටක් එලීම හරහා මෙම ගැටලුව නිරාකරණය කරගත නොහැකි බවත් අලින්ගේ එදිනෙදා දිවිපෙවෙතට බාධා එල්ල වෙන ක්‍රියාකාරකම් වහා අඩුකළ යුතු බවත් වැඩිදුරටත් පෙන්වා දෙයි.

You may have missed