තෙල් මිල තවත් ඉහළට ද?

තෙල් සංස්ථාවට බිලියන හැත්තෑවක අලාභයක් අගෝස්තු මස 31 වනදා වන විට සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඩොලරයේ අගය ඉහල යාමත්, ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල දිගින් දිගටම ඉහළ යමින් ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුනි.

ඒ අනූව මෙය තවදුරටත් දරා ගත නොහැකි වූවොත් එය ජනතාවට භාර දීමට සිදුවන බවද අමාත්‍යවරයා සදහන් කර සිටියා.

ඔහු මේ බව සිය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියා.

ඒ මහතා වැඩිදුරටත් පහත අදහස් පල කලා.

‘‘පසුගිය මාස වල විදේශ විනිමය හිඟයකට අපි මුහුණ පෑවාත් සීමිත විදේශ විනිමය ප්‍රමුඛතා පදනමින් ඉන්ධන සඳහා වෙන් කිරීමට ආණ්ඩුව කටයුතු කල නිසා ඉන්ධන හිඟයක් ඇති වුණේ නෑ. සෑම මසකම ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 200 බැගින් අපට ලබා දීමට නව මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ පෑවත් ඛණිජ තෙල් ආනයනයට ඉන් කිසිම බලපෑමක් සිදුවන්නේ නෑ කියන එක අපිට ඉතාම වගකීමෙන් කියන්න පුළුවන්.

ලබන වසරේ ජනවාරි මාසය දක්වා අඛණ්ඩව පෙට්‍රල් සැපයීම සහතික කරලා තිබෙන්නේ. මේ වසරේ නොවැම්බර් මාසය දක්වා අඛණ්ඩව ඩීසල් සැපයීම සහතික කරලා තිබෙන්නේ. මම පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දියාවේ ඛනිජතෙල් සහ ගෑස් අමාත්‍ය හර්දීප් ශ්‍රී පූරි මැතිතුමාගෙන් ඉල්ලීමක් කලා. අපේ රටේ තිබෙන විදේශ විණිමය අර්බූදය නිසා ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 500ක ස්ථාවර ණය පහසුකමක් ඉල්ලුවා. ඉන්දියාව ඒක අනුමත කලා. අපේ මුදල් අමාත්‍යාංශයෙන් ඒක අනුමත කලාම දෙසැම්බර් මාසයේ සිට ඩිසල් ගේන්න ඒ පහසුකම භාවිතා කරන්න පුළුවන්.’’

You may have missed