ශ්‍රී ලාංකේය නෘත්‍ය සංගීත කලාවේ ලයනල් ගුණතිලක සංප්‍රවේශය කෘතිය සහ වේදිකා නාට්‍ය ශිල්පීන්ගේ තොරතුරු නාමාවලිය එලිදැක්වේ.

දේශීය නාට්‍ය කලාවට මෙන්ම කෘත්‍ය සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා මහඟු මෙහෙවරක් ඉටු කළ කෘතහස්ත සංගීතවේදියකු වන කලාභූෂණ ලයනල් ගුණතිලකයන් වසර විසිහයක් පුරා ටවර් හෝල් රඟහල පදනම් සමඟ අත්වැල් බැදගනිමින් දේශීය කලාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කරනු ලැබුවා. එතුමන් විසින් තෘතය සංගීත කලාව යනුවෙන් සිදු කළ අනුපමේය සේවය අලලා වන්දි සුද්දත්වාරි මහත්මිය විසින් රචනා කරන ලද “ ලාංකේය නව සංගීත කලාවේ ලයනල් ගුණතිලක සංප්‍රවේගය ” කෘතිය එළි දැක්වීමේ උත්සවය ඊයේ (17) සව්සිරිපා ශ්‍රවණාගාරයේ දී පැවැත් වුණා.

විෂය භාර අමාත්‍ය විදුර වික්‍රනායක මැතිතුමාගේ උපදෙස් පරිදි සංවිධානය කරනු ලැබූ මෙම වැඩස්ථානයන් දී දේශීය සංගීත, රංගන ක්ෂේත්‍රයන් හි අභිවෘධිය වෙනුවෙන් කටයුතු කළ කලා ශිල්පීන් ඇතුලත්, ටවර් හෝල් රඟහල පදනම විසින් නිෂ්පාදිත ටවර් නාට්‍යවේදී නාමාවලිය එළිදැක්වීමට ද කටයුතු කෙරුණා.

උත්සව අවස්ථාව වර්ණවත් කරමින් නාට්‍ය භුෂණ, නාට්‍යකලා චූඩාමණී ශ්‍රී ජයත කරුණාසේකර මහතාගේ ජයසංඛ රංග පදනමේ සරසවිපාය සිසු සිසුවියන් විසින් සරස්වතී අභිනන්දන රංගනය ඉදිරිපත් කළා. ටවර් නාට්‍ය හා රංග කලා පාසලේ ආදි විද්‍යාර්ථීන් විසින් නර්තනාංගයක් ද ඉදිරිපත් කරනු ලැබුවා.ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාරය වී එම්.එස්. දිසානායක මහතා, ප්‍රවීණ කලාශිල්පීන් හා ප්‍රවීණ සාහිත්‍ය වේදින් රැසක් ද පැමිණ සිටියා. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා සහ සංස්කෘතික අමාත්‍යාංශ ප්‍රධානීන් මෙම අවස්ථාව සඳහා සහභාගී වුනා.

You may have missed