2023 චීන වසන්ත උත්සව කලා සංදර්ශනය ලබන 21 වැනිදා ගෝලීය ප්‍රේක්ෂකයන් හමුවට

චීන මාධ්‍ය සමූහයේ 2023 චීන වසන්ත උත්සව කලා සංදර්ශනය පිළිබඳ මාධ්‍ය හමුව අද(16) පැවැත්විණ.

ප්‍රසංගයට ඇතුළත් තාක්ෂණික මෙන්ම නිර්මාණශීලී අංග හා සත්කාරක කණ්ඩායම හඳුන්වා දෙමින්, සංදර්ශනයේ පූර්ව ප්‍රචාරක පටය ද මෙහිදී එළිදක්වනු ලැබීය. සංදර්ශනයේ මංගල වස්තු ලෙස සැලකෙන කාටූන් අනුරූ ද නිකුත් කෙරිණ.ලබන 21 වැනිදා රාත්‍රී 8 ට වසන්ත උත්සව කලා සංස්කෘතික සංදර්ශනය චීන මාධ්‍ය සමූහයේ විවිධ ගුවන් විදුලි, රූපවාහිනී නාලිකා හා වෙබ් අඩවි ඇතුළු වේදිකා රැසක සමගාමීව විකාශය කෙරේ. CGTN හි ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි හා රුසියානු භාෂා නාලිකා සහ භාෂා 68ක නව මාධ්‍ය වේදිකා මෙන්ම රටවල් හා ප්‍රදේශ 170කට වැඩි සංඛ්‍යාවක මාධ්‍ය 700ක් පමණ, වසරේ දැවැන්ත ප්‍රාසංගික අත්දැකීමක් වන චීන වසන්ත උත්සව කලා සංස්කෘතික සංදර්ශනය විකාශය කරනු ඇත.

You may have missed