ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද සිට

නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අද සිට ක්‍රියාවට නැංවෙන බව රජය පවසයි.

එය හදුන්වාදීම කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනයේදී අද (31) පෙරවරුවේ සිදුකෙරිණි.

කෘෂිකාර්මික සහ ගොවි රක්‍ෂණ මණ්ඩලය මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක කරයි.

ඇමති මහින්ද අමරවීර මහතා එම අවස්ථාවට ප්‍රධාන ආරාධීිතයා ලෙස එක්විය.

වයස අවුරුදු 18 ත් 55 ත් අතර පුද්ගලයන්ට මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය හැකි අතර ආදායමට සරිලන විශ්‍රාම වැටුපක් තෝරාගැනීමට ප්‍රතිලාභියාට අවස්ථාව හිමි වේ.

ඉහළ යන ජීවන වියදමට සරිලන පරිදි විශ්‍රාම වැටුප වැඩිවීම, අනතුරකදී හෝ රෝගාබාධයකදී ප්‍රතිලාභ හිමිවීම හා කාලාත්‍රයාටද ප්‍රතිලාභ හිමිවීම මෙහි ඇති විශේෂත්වයකි.

You may have missed