පැන්ඩෝරා පත්‍රිකා ගැන විමර්ශනය CIDය ට

ජාත්‍යන්තර බැංකුවල කෝටි ගණනින් රහසිගතව මුදල් තැන්පත් කර තිබු ශ්‍රී ලාංකිකයන්ගේ පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් සිදුකරන ලද මුදල් විශුද්ධිකරණ පරීක්‍ෂණ වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

එම කොමිසම මේ වන විට ඊට අදාළ පැමිණිලි 9 ක් පිළීබඳ පරීක්‍ෂණ සිදුකරයි.

දෙස් විදෙස් මුල්‍ය ආයතන සහ තවත් අංශ කිහිපයක නිලධාරීන් ඇතුලු පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

විමර්ශන ආරම්භයේදී නිරුපමා රාජපක්‍ෂ මහත්මිය සහ ඇගේ ස්වාමිපුරුෂයාගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

ඊට අමතරව ආයතන රැසකින්ද ප්‍රකාශ ලබාගෙන තිබේ.

මෙම තොරතුරු හෙලි කළ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයෙන් අල්ලස් කොමිසම ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ඉල්ලා ඇත.

එහෙත් මේ දක්වා එම තොරතුරු ලබාදී නැතැයි අල්ලස් කොමිසමේ විමර්ශන අංශය පවසයි.

You may have missed