වෛද්‍ය අනිල් ජාසිංහ ගෝලීය හරිත වර්ධන ආයතනයේ සමුළුවෙහි හා කවුන්සිලයෙහි උප සභාපති ධූරයට

වෛද්‍ය අනිල් ජාසිංහ ගෝලීය හරිත වර්ධන ආයතනයේ (#Global#Green#Growth#Institute) සමුළුවෙහි හා කවුන්සිලයෙහි උප සභාපති ධූරය පත්කොට ඇත.

පසුගිය 27 වෙනිදා දකුණු කොරියාවේ සෝල් නගරයේ පැවති ගෝලීය හරිත වර්ධන ආයතනයේ 11වන සමුළුවේ දී ඔහුට ඉහත තනතුර හිමිව තිබේ.

මෙම අන්තර්ජාතික සංවිධානයේ වර්තමාන සභාපතිත්වය දරණු ලබන්නේ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් මහතාය.

ගෝලීය හරිත වර්ධන ආයතනයෙහි සමුළුව හා කවුන්සිලය සභාපතිවරයකුගෙන් හා උපසභාපතිවරු දෙදෙනෙකුගෙන් සමන්විත වේ.

මේ අනුව උප සභාපති තනතුරු සඳහා ශ්‍රී ලංකාව සමඟ දකුණු කොරියාව පත් වී ඇත. ගෝලීය හරිත වර්ධන ආයතනය සාමාජිකයන් 44 කින් සමන්විත අන්තර්ජාතික සංවිධානයක් වන අතර සාමාජික රටවල කාබන් හීන හරිත සංවර්ධනය සඳහා විවිධ ක්ෂේත්‍රයන්ගේ ධාරිතා වර්ධන, ප්‍රතිපත්ති සහ සැලසුම් සම්පාදනය හා හරිත මූල්‍යකරණයේ පහසුකම් සපයන්නකු ලෙස කටයුතු කරයි.

දැනට ශ්‍රී ලංකාව මෙම ආයතනය සමඟ දේශගුණ විපර්යාස, විදුලි ප්‍රවාහනය යන ක්ෂේත්‍රවල ප්‍රධාන වශයෙන් කටයුතු කරනු ලබයි.

You may have missed