බෙල්වුඩ් නිකේතනය දැක අමාත්‍යවරයාගේ නෙතට කඳුළක් එයි – එය ගොඩ ගන්න ඇමති රොෂාන් සල්ලි බෙදයි

බෙල්වුඩ් කලා නිකේතනය යනු ජාතික තරුණ සේවා සභාව යටතේ ඇති සංගීතය පුහුණු කරන ප්‍රධාන ආයතනයයි.

වසර ගණනාවක සිට එය විධිමත්ව ක්‍රියාත්මක නොවී අයාලෙ යන ආයතනයක් බවට පත්ව ඇත.

අතීතයේ බොහෝ ජනප්‍රිය ගායක ගායිකාවන් සංගීතඥයෙක් ඇතුළු කලාකරුවන් බොහෝ දෙනෙක් බිහි කළ ආයතනයයි. කාලයාගේ ඇවෑමෙන් මෙය අභාවයට ගොස් ඇත.

මේ පිළිබඳව සොයා බැලීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගියදා එහි සංචාරක නිරතවන ලදි.

මෙම ආයතනය අභාවයට ගොස් තිබෙන අයුරු දැක අමාත්‍යවරයාගේ නෙතට කඳුළක් නැගුනා.

එම ආයතනය නිරීක්ෂණය කර පිටව යන අවස්ථාවේ එහි කලමනාකාරය කැඳවා අමාත්‍ය වරයාගේ පෞද්ගලික මුදලින් මුදල් පරිත්‍යාගයක් කරන්න අමතක කළේ නැහැ.

බෙල්වුඩ් ආයතනය පෙර තිබූ තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට ගෙන ඒමට සියලු දෙනා එක්ව කටයුතු කරමු යැයි අවසානයේ අමාත්‍යවරයා පවසා සිටියා.

https://we.tl/t-yWfBQ0UQOU

#Bellwood#music#art#academy#nycs

You may have missed