කිසිඳු හිගයකින් තොරව ගෑස් බෙදාහැරීමට කටයුතු කරනවා – ලිට්‍රෝ සභාපති

ලිට්‍රෝ ගෑස් කිසිඳු හිගයකින් තොරව බෙදාහැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව ගෑස් බෙදාහැරීමේ කටයුතු කෙරවලපිටියේ පිහිටි සිය අංගනයෙන් දෛනිකව සිදුකරනා අතර ගෑස් හිගයක් පිළිබඳ කිසිඳු බියක් ඇතිකර නොගත යුතු බව ද සභාපතිවරයා සඳහන් කළා.

දිවයින පුරා ගෑස් හිගයක් පවතින බවට පුවත්පත් ඇතුළු ඇතැම් මාධ්‍ය ඉකුත් දා වාර්තා කර තිබුණා.

මේ අතර ගෑස් මිල අඩු කිරීමේ තීරණය ස්තිරවශයෙන්ම ලබන බදාදා දින ප්‍රකාශයට පත්කළ හැකි බවද ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කියා සිටියා.

බොහෝවිට ලබන 05 වනදා ගෑස්මිල අඩු කිරීම සම්බන්ධයෙන් සතුටුදායක මට්ටමක් පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ

You may have missed