ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් අගමැතිගේ ප්‍රකාශය

ලාංකිකයන් මේ ගෙවමින් සිටින්නේ තමා කලින් සඳහන් කළ අසීරුතම සති තුනක කාලය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී ඊයේ (29) දින සදහන් කරන ලදි.

ඉන් පසුව එළැඹෙන කාලය මීට වඩා ක්‍රම ක්‍රමයෙන් හොඳ අතට හැරෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද එහිදි  අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන ලදි.

මීලග පෙට්‍රල් නැව පැමිණීමට ආසන්නම දිනය – ජූලි 22 (ඊට පෙර ඉන්ධන නැවක් හෝ දෙකක් ගෙන්වා ගැනීමට උත්සාහ ගනිමින් සිටිනවා)

ඩීසල් ලබා ගැනීමට මුදල් තිබුනත් රුසියා යුක්රේන අර්බුදය නිසා නැව් සොයා ගැනීමේ අර්බුදයක් පැන නැගී තිබෙනවා.

ඉන්දියාවෙන් මුදල් ලබාගෙන ඉන්ධන නැව් කිහිපයක් ගෙන්වා ගැනීමට සාකච්ඡා කරනවා.

දැනට ලංකාව සතුව තිබෙන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් එකොළොස් දහසක් පෙට්‍රල් මෙට්‍රික් ටොන් හත් දහසක් සහ දැවිතෙල් මෙට්‍රික් ටොන් තිස් දහසක් පමණ වන බවද සදහන් කරන ලදි.

You may have missed